• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලබන මස අගදී ගුවන්තොටුපල විවෘත කිරීමේ සැලසුමක් – ඇමැති ප්‍රසන්න

29 December 2020
in සංවර්ධන

ලබන මස අගදී නිල වශයෙන් ගුවන්තොටුපල විවෘත කර වාණිජ ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බැවින් මෙරට සිදු කෙරෙන පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කල යුතු බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ සංචාරක අමාත්‍යංශයේ අද (29) පැවැති විශේෂ සාකච්ඡාවකදීය. මෙම සාකච්ඡාවට සංචාරක සංවර්ධන අධිකාරිය, සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව හා පෞද්ගලික රෝහල් නියෝජිතයෝ සහභාගී වූහ.

මෙරටට පැමිණෙන විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සඳහා සහ සංචාරකයන් සඳහා පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 3000බැගින් වැඩි කිරීමට මෙහිදී තීරණය කෙරිණ.

කොවිඩ් ආසාධිතයන් හඳුනාගැනීම සඳහා මෙරට දෛනිකව සිදු කෙරෙන පී.සී.ආර් පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය කෙරේ. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම කඩිනම් කිරීමටත්, මෙරටට පැමිණෙන සංචාරකයන් කොවිඩ් ආසාධිත නොවන බව තහවුරු කරගැනීම සඳහාත් මෙම පියවර ගැනෙන බව අමාත්‍යවරයා පැවසිය.

අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේ මෙරටට පැමිණෙන විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සඳහා මෙහිදි ප්‍රමුඛතාව හිමි විය යුතු බවයි. රජයේ ප්‍රමුඛතම අවධානය යොමුවන්නේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වීමට බවත් ඔවුන් ගෙන්වන අතරම කඩාවැටී ඇති සංචාරක කර්මාන්තය යළි නංවාලීම ආණ්ඩුවේ අපේක්ෂාව බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

 

Post Views: 7
Previous Post

මෙරට කොරෝනා ආසාදිතයින් 41,000 ඉක්මවයි

Next Post

ජනවාරි 21න් පසු සංචාරක කර්මාන්තය යළි ඇරඹීමට සැලසුම්

editor

editor

Next Post

ජනවාරි 21න් පසු සංචාරක කර්මාන්තය යළි ඇරඹීමට සැලසුම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved