• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දරුවන්ගේ ආරක්‍ෂාව සඳහා සමාජ බුද්ධි ඒකකයක් පිහිටුවීමට සැලසුම් – ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත

19 May 2023
in දේශීය

දරුවන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් ‘සමාජ බුද්ධි ඒකකයක්’ පිහිටුවීමට සැලසුම් කර ඇති බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (18) කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

අපගේ අනාගත පරපුරේ ආරක්‍ෂිත පියවරක් ලෙස සියලුම පාසල්වල සහයෝගය ඇතිව “සමාජ බුද්ධි ඒකකයක්” පිහිටුවීමට අදහස් කර ඇති බවත් එය තවමත් මූලික මට්ටමේ සාකච්ඡාවන්හි ඇති බවත් හෙතෙම පැවසිය.

තෙන්නකොන් මහතා මෙහිදී අවධාරණය කර සිටියේ පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසයේ පාසල් ශිෂ්‍යභට උපදේශකවරුන් අමතමින් ජාතික ශිෂ්‍යභට බලකායට ප්‍රතිසංස්කරණ ගෙන ඒමේ කාලීන අවශ්‍යතාවය මෙන්ම දිවයිනේ උතුරු සහ නැගෙනහිර පළාත්වලට වලටද එය පුළුල් කිරීමේ අවශ්‍යතාවය ඇති බවයි.

එසේම දිවයින සංක්‍රාන්ති කාලපරිච්ඡේදයකට මුහුණ දෙමින් සිටින අතර , රටෙහි සමස්ත පද්ධතියම අඩපණ කිරීමට තුඩු දුන් කරුණු කෙරෙහි අවදානය යොමු කල යුතු අතර රාජ්‍ය සේවයේ ගුණාත්මක භාවය වැඩි කිරීමට මෙන්ම පවතින ක්‍රමයෙහි ගුණාත්මක වෙනසක් සිදු කල යුතු බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසිය.

නව උපාධිධාරීන් ඔවුන්ගේ පෞරුෂය, ප්‍රායෝගිකත්වය, දැනුම සහ නායකත්ව ගුණාංග වර්ධනය කර ගැනීමේ වැදගත් කම පෙන්වා දෙමින් සියලු ක්ෂේත්‍රයන්හි කාලීන ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව ඔහු නැවතත් අවධාරණය කළේය.

මෙම අවස්ථාවට ජාතික ශිෂ්‍යභට බළකායේහි අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ජී.එස්. ෆොන්සේකා, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්, පොලිස් කැඩෙට් නිලධාරීන් ,උපදේශකවරුන් සහ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් එක්ව සිටියහ.

 

Post Views: 12
Previous Post

ජාතික ආරක්‍ෂක සමුළුව ජනපතිගේ ප්‍රධානත්වයෙන්

Next Post

මෙරට දැවැන්තම සංචාරක ප්‍රදර්ශනය වන සංචාරක උදාව 2023 ප්‍රදර්ශනය අගමැති ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

editor

editor

Next Post

මෙරට දැවැන්තම සංචාරක ප්‍රදර්ශනය වන සංචාරක උදාව 2023 ප්‍රදර්ශනය අගමැති ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved