• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බය නැතිව වගා කරන්න

29 June 2018
in සංවර්ධන

2018 යල කන්නයේ සිට බෝග වර්ග 06ක් සඳහා ගොවීන්ගෙන් කිසිදු දායක මුදලක් අය කිරීමකින් තොරව ගොවි රක්ෂණය නොමිලයේ ලබා දීමට රජය තීන්දු කර ඇති බව කෘෂි කර්ම අමාත්‍යංශය පවසයි.

මේ යටතේ වී, බී ලූණු, අර්තාපල්, බඩඉරිගු, සෝයා බෝංචි සහ මිරිස් යන බෝග වර්ග 06 සඳහා නොමිලයේ කෘෂි රක්ෂණය ලබා දෙන අතර වගා හානියක දී අක්කරයකට රු. 40,000 බැගින් හෙක්ටෙයාර් එකකට රු. 100,000ක මුදලක් වගා හානි රක්ෂණ මුදලක් වශයෙන් ශ්‍රී ලංකා කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ලබා දීමට නියමිතය.

මේ සඳහා වන රු. මි. 5228ක මුදලක් මේ වනවිටත් රජය විසින් අදාල බැංකු වෙත යොමු කර තිබේ.

ඒ අනුව එම බෝග වර්ග 06 වගා කරන සෑම ගොවියෙකුටම අදාල කෘෂි රක්ෂණය හිමිවන බව තහවුරු කිරීම සඳහා කෘෂි රක්ෂණ සහතික පත්‍රයක් නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ශ්‍රී ලංකා කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දෙනු ලැබීය.

මෙම කෘෂි රක්ෂණ සහතික පත් ගොවීන් වෙත ප්‍රදානය කිරීමේ උත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ඉදිරියේ දී සිදු කිරීමට නියමිතය.

මේ වනවිට 2018 වර්ෂයේ වගා හානි වෙනුවෙන් රජය ගෙවා ඇති මුදල රු. මිලියන 145.57කි.

තම වගාවන් හානි වේයැයි බියෙන් ගොවීන් වගා කිරීමේ කටයුතුවලට බියක් දක්වන අතර අමාත්‍යවරයා ප්‍රකාශ කළේ “බය නැතිව වගා කරන්න. අස්වනු විකුණාගත නොහැකි අවස්ථාවක දී හෝ වගා හානියක දී මෙන්ම වෙනත් සෑම අවස්ථාවක දීම ඊට මැදිහත්ව ගොවි ජනතාව ආරක්ෂා කිරීමට රජය කටයුතු කරනවා” යි යනුවෙනි.

Post Views: 8
Previous Post

වෙන රටක පුරවැසිභාවය ගන්නේ රටට ආදරේ නැති අයයි

Next Post

කබීර් උත්තර දෙන්න

editor

editor

Next Post

කබීර් උත්තර දෙන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved