හයවැනි ශ්‍රේණියට අදාළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027 වසරේදී ආරම්භ කරන බවත්, උසස් අධ්‍යාපනය වෙනුවෙන් නව ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට පියවර ගන්නා බවත් අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍රකාශ කළාය. මල්වතු පාර්ශ්වයේ මහානායක ස්වාමීන් වහන්සේ බැහැදුටු අවස්ථාවේදී ඇය මේ බව සඳහන් කළ අතර, පිරිවෙන් අධ්‍යාපනය සහ වෛද්‍ය අධ්‍යාපනය නංවාලීම සඳහා ද දැනටමත් කටයුතු ආරම්භ කර ඇති බව පෙන්වා දුන්නාය.
එමෙන්ම රජය අපහසුතාවට පත් කිරීම සඳහා විපක්ෂය පදනම් විරහිත චෝදනා එල්ල කරන බව පැවසූ අගමැතිනිය, තමන්ට එරෙහිව ගෙන ඒමට සූදානම් වන විශ්වාසභංගයට මුහුණ දීමට සූදානම් බව ද අවධාරණය කළාය. මීට අමතරව, සිදුවී ඇති මූල්‍ය වංචා පිළිබඳව දේශීය හා ජාත්‍යන්තර මට්ටමින් පුළුල් විමර්ශන ක්‍රියාත්මක වන බවත්, ඒ සඳහා ඔස්ට්‍රේලියානු රජයේ සහාය ද හිමිව ඇති බවත් ඇය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළාය.














