දශක ගණනාවකින් ප්‍රතිසංස්කරණය නොවූ ඓතිහාසික මරදාන දුම්රිය ස්ථානය පෞද්ගලික අංශයේ ද දායකත්වයෙන් නවීකරණය කර එහි පළමු අදියර මගී ජනතාව වෙනුවෙන් විවෘත කෙරිණි. ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 25 වැනිදා මෙම සමාරම්භය සිදු විය.
‘Clean Sri Lanka’ ජාතික වැඩසටහනේ ‘සිහින ගමනාන්තය’ ව්‍යාපෘතිය යටතේ සිදුකළ මෙම නවීකරණය සඳහා ‘අක්බාර් බ්‍රදර්ස්’ පුද්ගලික සමාගම මූල්‍ය අනුග්‍රහය දක්වා ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ මාස හයක් පුරා සිදුකළ මෙම ප්‍රතිසංස්කරණවලදී වසර 100කට වඩා පැරණි ගොඩනැඟිල්ලේ පෞරාණික වටිනාකම් රැකගනිමින් වහලය පිළිසකර කිරීම, ආරක්ෂක කැමරා පද්ධති සවි කිරීම සහ නවීන සනීපාරක්ෂක පහසුකම් එක් කිරීම සිදු කර තිබේ. දිවයින පුරා දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ වැඩපිළිවෙළේ තවත් සාර්ථක පියවරක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය.














