• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටේ ප්‍රශ්ණවලට උත්තර හොයන්න පොදුජන පෙරමුණට පුළුවන් – මන්ත්‍රී මහාචාර්ය රංජිත්

18 August 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සර්වකාලීන ජාතීන් අතර සමඟි සංධානය ඇති කරන්නේ කියන ප්‍රශ්න මුල්කරගෙන තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන න්‍යාය පත්‍රය නිර්මාණ්‍ය වු අතර දැන් තිබෙන ප්‍රශ්න වලට උත්තර හොයන්නත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පුළුවන්කම තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා, “ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරම්භ කරන කොටම පොදුජන පෙරමුණේ නිර්මාතෘවරයා වන බැසිල් රාජපක්ෂ මහතා මූලික ප්‍රශ්න 05 ක් හදුන ගත්තා. ශ්‍රී ලංකාව සර්ව කාලීනව මුහුණ දිපු ප්‍රශ්න. මේ රටේ තරුණයින්ගේ අපේක්ෂාව කුමක්ද? අපේ ආර්ථිකය නවීකරණය කරන්නේ, අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කරන්නේ,ජාතික සහ ජාත්‍යන්තර ආර්ථිකය වෙත තිබ‍ෙන අවකාශය කුළුගන්වන්නේ , සර්වකාලීන ජාතීන් අතර සමඟි සංධානය ඇති කරන්නේ කියන ප්‍රශ්න මුල්කරගෙන තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන න්‍යාය පත්‍රය හැඳුනේ. ඒ නිසා අවුරුදු 74 ටම කිසිදු දේශපාලන පක්ෂයකට හිතන්න බැරි පරාසයක් තුළ පක්ෂයට ගමන් කිරීමට හැකි වුණ අතර ඒ නිසා තමයි ජයග්‍රහණ ගණනාවක් ලැබුණේ. ඒ නිසා දැන් තිබෙන ප්‍රශ්න වලට උත්තර හොයන්නත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පුළුවන්කම තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපරාජිත දේශපාලන පක්ෂයක්. ඒ නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අඩුවෙන් තක්සේරු කරන අයට අපි ආරාධනා කරනවා ඔබලාගේ උත්තර දැන් තිබෙන ප්‍රශ්නවලට කියන්න.

අපි දැක්කා රට ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් මාස 04 ක් අකර්මන්‍ය වෙලා තිබුණා. මේ අරගලවලට සමගි ජනබලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමි පක්ෂය, වෘත්තිය සමිති, බහු ජන සංවිධාන, ආගමික නායකයින්, කලාකරුවන් සම්බන්ධ වුණා. හැබැයි මේ කිසිකෙනෙක් මේ ප්‍රශ්නවලට උත්තර සොයා ගෙන ආවද? ඒ නිසා ගෝඨභය රාජපක්ෂ මහතා විපක්ෂ නායකවරයාට ආරාධනා කළා අගමැතිකම භාර අරගෙන එතුමාගේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න කියලා. සැර අඩුකරලා තුන්වෙනි ලියුමත් ලියලා කර ඇරියා. දැන් අලුත් සෙල්ලමක් පටන් අරගෙන තිබෙනවා. එක පැත්තකින් සමහර දේශපාලන පක්ෂවල බට්ටෝ දාලා press තියලා අපිට අභියෝග කරනවා.

මාධ්‍ය සාකච්ඡාවල පිකාසෝ විදිහට සලකන තිස්ස අත්තනායක මහතා පහුගිය දවසක ගෙදරට මාධ්‍යවේදීන් කැඳවලා ආණ්ඩුවට අවශ්‍ය බලය රැකගැනීම විතරයි, ජාතික වැඩපිළිවෙළක් නෑ කිව්වා. එතුමාට කියන්න කැමති ජනාධිපතිතුමන් රාජාසන කතාව ඉදිරිපත් කරපු දෙයින් පෙනෙනවා මේ බිඳුනු ආර්ථිකය ගොඩනැගීම සඳහා ක්‍රියාවට නැංවීමට අපේක්ෂිත ජාතික වැඩපිළිවෙළ කියලා. ඒ නිසා කටට ආවට කතා කරන්න එපා ඔබලාගේ නායකතුමා වගේ.
පහුගිය දවසක ජාතික භික්ෂු පෙරමුණ මල්වතු අස්ගිරි මහා නාහිමිවරු බැහැ දැකලා මේ QR ක්‍රමය හාල් පොත වගේ කියලා කිව්වා. අපි ප්‍රශ්නවලට උත්තර හොයන ආණ්ඩුවක් මිසක් අපි හිගන්නගේ තුවාලය පෙන්නලා බලය ලබා ගන්න වෙහෙසන ආණ්ඩුවක් නොවේ. ඒ නිසා දැන්වත් ඔබලා ඔය පෙන්නන හිගන්නගේ තුවාලෙට හොඳ දොස්තරවරයෙක් පෙන්නලා බෙහෙත් ටිකක් දාගන්න.

අපි දන්නවා පහුගිය කාලසීමාව තුළ අපි අතිවිශාල ප්‍රශ්න සංඛ්‍යාවකට මුහුණ දුන්නා. මේ ආර්ථික අර්බුදය ආරම්භය ලෝක ඛනිජතෙල් වෙළඳපොළේ මිල ඉහළ ගිහින් තිබුණ නිසා. අපිට අපනයන ආදායම් විදිහට ලැබෙන්න තිබුණු හැම අවස්ථාවතක්ම බිඳ වැටුණා. සංචාරක කර්මාන්තය බිඳ වැටුණා. විදේශ ප්‍රේෂණ නැති වුණා. ඒ නිසා තෙල් ටික ගෙන්න ගන්න අපිට සංචිත තිබුණේ නෑ. ඒ නිසා තමයි අපි දැක්කේ දවස් තුන හතර පෝලීම්. ඒ නිසා අපිට ඕනකම තිබුණා තිරසාර වැඩපිළිවෙළක්. ඒ තිරසාර වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා තමයි මේ නවීන විද්‍යාත්මක ක්‍රමවේදය හදුන්වලා දෙන්න මේ තෙල් බෙදාහැරිමේ ගැටලුවට තිරසාර විසඳුමක් ලෙස. මෙමඟින් අපි උත්සහ කළා මේ හැම කෙනෙකුටම සාධාරණ ලෙස කිසියම් ක්‍රමවේදයකට යටත්ව ඉන්ධන ලබා දෙන්න.

දැන් ආපහු රාජපක්ෂවරු භිතිකාවක් ඇතිවෙලා තිබෙනවා. කලින් කලට ඇතිවෙලා නැතිවෙලා යනවා. ඒ නිසා තවපාරක් රාජපක්ෂවරු ඉලක්ක කරගෙන විශාල මෙහෙයුමක් සිදුවෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පනටහැනිව කටයුතු කරන්න නීතියේ ආධිපත්‍ය බිඳ දමන්න නීතිය නමන්න, අධිකරණවලට බලපෑම් කරන්න කල්ලි කණ්ඩායම් ඉතාම සූක්ෂම ලෙස තීරණාත්මක ලෙස කටයුතු කරනවා. මේක ඉතාම භයානක තත්වයක්. ඒ නිසා කරුණාකරලා මේ පිළිබඳව මේ රටේ මහජනතාව දැනුවත් කරන්න. අපි පක්ෂයක් විදිහට ස්වාධීන අධිකරණය පිළිබඳව දැඩි විශ්වාසයකින් කටයුතු කරන්නේ. අපිට අධිකරණයට බලපෑම් කිරීමේ චාරිත්‍රයක් නෑ. ” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 19
Previous Post

නායකත්ව පුහුණුවක් යටවත්තදී

Next Post

බැසිල් භිතිකාවෙන් මිදි එයාට පාඩුවේ ඉන්න දෙන්න – මන්ත්‍රී කුට්ටිආරච්චි

editor

editor

Next Post

බැසිල් භිතිකාවෙන් මිදි එයාට පාඩුවේ ඉන්න දෙන්න - මන්ත්‍රී කුට්ටිආරච්චි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලිට්‍රෝ ගැන දැන් ලැබුණු ආරංචිය

ලිට්‍රෝ ගැන දැන් ලැබුණු ආරංචිය

1 July 2025
සීට් බෙල්ට් නීතිය අද ඉදන්

සීට් බෙල්ට් නීතිය අද ඉදන්

1 July 2025
ඊශ්‍රායල ප්‍රහාරයෙන් 60කට වැඩි පිරිසක් මරුට

ඊශ්‍රායල ප්‍රහාරයෙන් 60කට වැඩි පිරිසක් මරුට

1 July 2025
බස් ගාස්තුව ගැන තීරණය දවස් 2 කින්

බස් ගාස්තුව ගැන තීරණය දවස් 2 කින්

1 July 2025

Recent News

ලිට්‍රෝ ගැන දැන් ලැබුණු ආරංචිය

ලිට්‍රෝ ගැන දැන් ලැබුණු ආරංචිය

1 July 2025
සීට් බෙල්ට් නීතිය අද ඉදන්

සීට් බෙල්ට් නීතිය අද ඉදන්

1 July 2025
ඊශ්‍රායල ප්‍රහාරයෙන් 60කට වැඩි පිරිසක් මරුට

ඊශ්‍රායල ප්‍රහාරයෙන් 60කට වැඩි පිරිසක් මරුට

1 July 2025
බස් ගාස්තුව ගැන තීරණය දවස් 2 කින්

බස් ගාස්තුව ගැන තීරණය දවස් 2 කින්

1 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලිට්‍රෝ ගැන දැන් ලැබුණු ආරංචිය

ලිට්‍රෝ ගැන දැන් ලැබුණු ආරංචිය

1 July 2025
සීට් බෙල්ට් නීතිය අද ඉදන්

සීට් බෙල්ට් නීතිය අද ඉදන්

1 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved