• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආණ්ඩුව ශක්තිමත් කරන්න ජනපති රනිල්ට පොහොට්ටුවේ සහාය – රෝහිත අබේගුණවර්ධන

6 September 2022
in දේශීය

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රටේ ස්ථාවරභාවයකුත් ඇති කරගෙන ආර්ථික වශයෙන් අපේ රටේ ජනතාව නැගිට්ටවන්න අභියෝගය ජයගන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට අප සහයෝගය ලබා දෙනවා බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (06) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා,“විශේෂයෙන්ම ආර්ථික වශයෙන් ඉතාමත් ගැටලු සහගත තත්වයකට මුහුණදිලා තිබෙන අවස්ථාවක දී අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ රජයක් හැටියට අපි බලාපොරොත්තු වෙන්නේ රටේ ජනතාවට මේ ආර්ථිකමය ප්‍රශ්නයෙන් උඩට ගන්න මොනවගේ ක්‍රමවේදයක් ද පාවිච්චි කරන්නේ කියලා. මේ වන විට රජයක් විසින් තීන්දුවක් අරගෙන තිබෙනවා ඉතා අඩු ආදායම් ලබන සමෘද්ධි සහ වැඩිහිටි දීමනා වෙනුවෙන් මුදලක් වෙන් කරලා තිබෙනවා. ඒ ව‍ගේම තවත් පවුල් ලක්ෂ 06ට සහනාධාර ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ ගෝලීය ආර්ථිකයේ කඩා වැටීමත් එක්ක අපේ රටටත් එය තදින් බලපාලා තිබෙනවා. අපි රජයක් හැටියට මේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක සාකච්ඡා කරමින් යන අතර ඒ සඳහා සුභවාදි පණිවිඩයක් ලැබිලා තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් අපිට කියනවා දේශපාලන ස්ථාවරභාවයක් ඇති කරගත්තාම තමයි ඔවුන් බයක් නැතිව අපිට ණය ලබා දෙන්න කටයුතු කරන්නේ. අපි පක්ෂයක් හැටියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලාපොරොත්තු වෙන්නේ ඒ දේශපාලන ස්තාවරභාවය ඇති කරන්නයි. ඒ නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මේ ආණ්ඩුව ශක්තිමත් ආණ්ඩුවක් බවට පත් කරන්න අවශ්‍ය වගකීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය හැටියට අපිට තිබෙනවා. අපි එය කරන විට අපිට පේනවා යම් යම් කොටස් කොන්දේසි දානවා. මේ යෝජනාවල පිටුපස තිබෙන්නේ මේ ආණ්ඩුවේ දේශපාලන ස්ථාවරභාවය නැති කිරීමයි. ඒ දේශපාලන ස්ථාවරභාවය නැති වුණාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අපිට ණය මුදල් ලබා දෙන්නේ නෑ. පහුගිය කාලයේ මූළු විපක්ෂය කිව්වේ IMF එකට යන්න කියලා. දැන් කියනවා IMF එකට යන්න එපා කියලා. අපි ඒ කාලයේදීත් IMF එක සම්බන්ධයෙන් දැන සිටියා කොන්දේසි දාන බව. නමුත් අපිට වෙන මොනවද කරන්න තිබෙන්නේ. එසේනම් විපක්ෂය අපට විකල්පයක් කියන්න මේ සඳහා පාර්ලිමේන්තුවේදී. එහෙම කියන්නේ නෑ නේ. අගමැතිකම දෙන්න හැඳුවාම හැංගුනා. මෙහෙම අයත් එක්ක කොහොමද ඉදිරියට යන්නේ. ඒ නිසයි අපි කියන්නේ දේශපාලන ස්තාවරභාවයක් ඇති කරගන්න කියලා. එය ඇති කරගන්න අපි ජනාධිපතිතුමාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ අනෙකුත් සත්භාවයෙන් සහයෝගය දෙන සියලු දෙනා එක්ක ඒ වගකීම ඉටු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි දකිනවා නොයෙක් විදිහට ජනතාවට වැරදි පණිවිඩ දෙනවා. පහුගිය දිනවල මාතෘකාව වුණා පාන් ගෙඩිය රු. 300 ක් කියලා. මිනිස්සුන්ව යම් යම් විදිහට මේ විදිහට බය කරන එක සුබවාදි වැඩක් නොවේ. අපි ආර්ථික වශයෙන් වැටිලා තිබෙන්නේ. ඒක පිළිගන්නවා. අපි එයින් නැගිටින්න ඕන. අපි නැගිට්න්න නම් IMF එක ගැන විතරක් බලාගෙන ඉන්නේ නැතිව අපි වැඩපිළිවෙළක් හදන්න ඕන. ඒ සඳහා අපි මේ අවස්ථාවේ විදේශීකයන්ට අපේ දොරටු විවෘත කරලා විදේශීකයන් ගෙන්න ගන්න අවශ්‍ය තැනට වැඩපිළිවෙළ කරන්න ඕන. එයින් තමයි අපි ඩොලර් ලැබෙන්නේ. අපිට අවශ්‍ය වෙලා තිබෙන්නේ විදේශ විනිමය. එසේම විදේශයේ ඉන්න අපේ ශ්‍රමිකයන් එවන මුදල් උන්ඩියල් මාර්ගයෙන් නොමැතිව බැංකු හරහා එවන වැඩපිළිවෙළක් කරන්න ඕන. ඒ නිසා පැහැදිලිව කියනවා අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ තත්වය ඉදිරියට ගෙනියන්නත්, රටේ ස්තාවරභාවයකුත් ඇති කරගෙන ආර්ථික වශයෙන් අපේ රටේ ජනතාව නැගිට්ටවන්න මේ අභියෝගය ජයගන්න අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට අපි සහයෝගය ලබා දෙනවා.” පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 17
Previous Post

තිරිගු පිටි හිගය නිසා මාතලේ වතු කම්කරුවෝ පිඩාවට

Next Post

අර්බුදයේ පිටුපස සිටියේ කවුද අනාගතයේදී පිළිතුරු ලැබෙයි – මහලේකම් සාගර

editor

editor

Next Post

අර්බුදයේ පිටුපස සිටියේ කවුද අනාගතයේදී පිළිතුරු ලැබෙයි - මහලේකම් සාගර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved