• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අර්බුදයේ පිටුපස සිටියේ කවුද අනාගතයේදී පිළිතුරු ලැබෙයි – මහලේකම් සාගර

6 September 2022
in දේශීය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

පහුගිය කාලයේ අපේ රටේ කිසියම් වූ ආර්ථික අර්බුදයක් පැන නැගු අතර එය දේශපාලන අර්බුදයක් බවට පෙරලුණ අතර ඇත්ත වශයෙන්ම මෙහි පිටුපස හිටියේ කවුද කියලා අනාගතයේ පිළිතුරු සපයන බව පොදු ජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (06) එම පක්ෂයේ පැවැති මාධ්‍ය හමුවේදිය.

එහිදී සාගර කාරියවසම් මහතා මෙසේ අදහස් පල කලේය “පහුගිය කාලයේ අපේ රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුලට ගියේ නෑ කියලා ලොකු චෝදනාවක් කලා. ඒ චෝදනාව කරපු රඑක පාර්ශවයක් තමයි අපේ පක්ෂයේ ඉඳලා එළියට ගිය සූළු පක්ෂවල නායකයින් පිරිස. නමුත් ඔවුන් ඊයේ පෙරේදා කියනවා IMF එකට ගිහින් වැඩක් නෑ , මෙය රටට හානියක් කියලා. ඉතින් මම දන්නේ නෑ දෙබෙඩි පිළිවෙතක් ගෙනියන්නේ කොහොමද කියලා. අපි දැක්කා ඒ කාලේ විරුද්ධ පක්ෂයේ පාර්ලිමේන්තුවේ ඉන්නවා ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්යවරයෙක් . එතුමා මේ රටට තිබෙන එකම පිළිසරණ, පිළිතුර IMF යෑම කියලා දිගින් දිගටම මේ රටේ ජනතාවට ප්‍රකාශ කරලා තිබෙනවා. දැන් අපි IMF එක වෙත ගිහින් තිබෙනවා. IMF වල කොහොමත් කොන්දේසි තිබෙනවා. අපි දැනගත්ත විදිහට නම් දීර්ඝ කාල සීමාවක් තුළ බිලියන 2.9 වන ඩොලර් ප්‍රමාණයක් අපිට ලැබෙනවා.

හැබැයි අපේ රටේ ජනතාව අමතක කරලා තිබෙනවා මේ රටේ දැඩි ආර්ථිකමය අර්බුදයක් ඇතිවෙච්ච අවස්ථාවේ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉන්දියාවට ගිහිල්ලා මේ රටට ඩොලර් බිලියන 03 ක මුදලක් අරගෙන ආවා කියලා. ඒ කිසිම කොන්දේසියක් රහිතව ඉන්දියාවෙන් ඒ අවස්ථාවේදී දුන්න මුදලක් ශ්‍රී ලංකාව වෙත දුන්න කියන කාරණය අපේ රටේ ජනතාව අමතක කරලා තිබෙනවා. ඒ වගේම පහුගිය කාලයේ අපේ රජයට තිබ්ච්ච චෝදනාවක් තමයි බදු අඩු කරලා බදු සහන ලබා දුන්න එක වැරදි කියලා. දැන් වැට් බදු දාලා තිබෙනවා. දැන් කියනවා බදු දාපු එක වැරදි, ජනතාවට බරක් දෙනවා කියලා. මම දන්නේ මොන ප්‍රතිපත්තියක් උඩද මේ පුද්ගලයින් කතා කරන්නේ කියලා. හැබැයි මේ වගේ රට වෙනුවෙන් කියලා මේ විදිහට ප්‍රතිපත්ති උඩ ජනතාවගේ ජිවිත එක්ක සෙල්ලම් කරන්න එපා.

පහුගිය වසර 06 ක කාලයක් තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට අපි එක ආර්ථික ප්‍රතිපත්තියක හිටියා. අපි අදටත් ඒ ප්‍රතිපත්තියේ ඉන්නවා. අපි පක්ෂයක් හැටියට කියන්නේ මේ රටට අවශ්‍ය වන්නේ ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් කියන කාරණය. නිවැරදි ප්‍රතිපත්තියේ අපි ඉන්නවා. හැබැයි දැන් වෙනකොට ජනතාව පිළි ගනිමින් සිටිනවා අපි එදා කියපු කාරණා සියල්ල නිවැරදි බව. අපෙන් ගැලවුණු කල්ලි කණ්ඩායම්වලටයි, විවිධ සන්ධාන අටවගෙන කටයුතු කරන අයටයි, විපක්ෂයේ මහත්වරුන්ටයි කියන්න කැමති ඔබතුමන්ලාට අදටත් තිබෙන භිතිකාව රාජපක්ෂ භිතිකාව. හැබැයි රටට තිබෙන ශක්තිය, පක්ෂයට තිබෙන ශක්තිය රාජපක්ෂ දේශපාලනයේ ශක්තිය. අපි පක්ෂයක් හැටියට නිර්භීතව කියනවා අපි රාජපක්ෂවරුන්ගේ දේශපාලනය සමඟ මේ පක්ෂය ගෙනි යනවා. පහුගිය දිනවල හැම තැනම කියන්නේ රාජපක්ෂ මුව හමට තඩිබාමින් පරණ පුරුදු විදිහට හොරු කියන බොරුව මතුරවමින් ජනතාවගේ සිත්සතන් තුළට බොරුවලට ඇතුල් කරන්න දරණ උත්සහයක්. ඉතින් මේ බොරුව ඇති. දැන්වත් රාජපක්ෂවරු මුව හමට තඩිබාන එක නතර කරලා ඉදිරියේදී ඔබලා කටයුතු කරන්නේ කොහොමද, රටේ ආර්ථිකය දියුණු කරන්න කටයුතු කරන්නේ කොහොමද, මේ රටට ඉදිරිපත් කරන ආර්ථික ප්‍රතිපත්තිය කුමක්ද කියන්න. ඔබලාට හැමදාම රාජපක්ෂවරුන්ට බැන බැන ඉන්න පුළුවන්. අපි අපේ ගමන රටේ ජනතාව සමඟ ඉදිරියට යනවා. ”යනුවෙන් සාගර කාරියවසම් මහතා මෙහිදි සඳහන් කලේය.

Post Views: 16
Previous Post

ආණ්ඩුව ශක්තිමත් කරන්න ජනපති රනිල්ට පොහොට්ටුවේ සහාය – රෝහිත අබේගුණවර්ධන

Next Post

ග්‍රාමීය ආර්ථීක පුනර්ජීවන කේන්ද්‍ර ලෙස සවිබල ගැන්වීමේ ජාතික වැඩපිළිවෙළටචක්‍රලේඛය නිකුත් වේ

editor

editor

Next Post

ග්‍රාමීය ආර්ථීක පුනර්ජීවන කේන්ද්‍ර ලෙස සවිබල ගැන්වීමේ ජාතික වැඩපිළිවෙළටචක්‍රලේඛය නිකුත් වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved