• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පොහොට්ටුව කියන්නේ ජනතාවගේ පක්ෂයක් වට්ටවන්න කාටවත්ම බැහැ -අමාත්‍ය ප්‍රසන්න

25 July 2023
in දේශීය

පසුගිය අරගලය සමග රැල්ලට ආපු ඇතැම් දේශපාලන පක්ෂ රැල්ලත් එක්කම අද ගසාගෙන ගොස් ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දොම්පේ ආසන බළ මණ්ඩලයට පසුගියදා (23) සහභාගී වෙමිනි. දොම්පේ ප්‍රාදේශීය සභා පැරණි කාර්යාලය පරිශ්‍රයේදී මෙම බල මණ්ඩලය පැවැත්විණි.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය. “පොහොට්ටුව ආරම්භ වෙන්නේ ශ්‍රීලනිපයෙන් වෙන් වුණු කොටසක් ලෙසයි. 2015 දී මෛත්‍රිපාල සිරිසේන මහතා සමග ඇති වු විරසකයත් සමග ශ්‍රිලංකා පොදුජන පෙරමුණ ආරම්භ වුණා. පක්ෂය ආරම්භ කරන්න යද්දි එදා සමහර නායකයෝ කිවුවා, අලුත් පක්ෂ හැදුවොත් මහපාරේ ඇවිද්දවනවා කියලා. එහෙම කියද්දිත් අපි අභියෝග රැසක් මැද මහපාරේ ඇවිදලා මිනිස්සු ඒකරාශි කරගෙන මේ පක්ෂය හැදුවා. වසර 30 තිබ්බ යුද්ධය අවසන් කරන්න නායකත්වය දුන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. 2015 දි එතුමා පැරදිලා ගෙදර යද්දි බහුතරයත් ජනතාව දුක්වුණා. ඇස්වලට කුදුළු ආවා. අපි එක්ක හිටපු ඒ මිනිස්සුන්ට සාධාරණයක් ඉටු කරන්නයි මහින්ද සුළග අපි හැදුවේ. අපිට ඒ ජනතාව අතරට යන්න පක්ෂයක් ඕනි වුණා. ඉතින් ගමේ ජනතාව එකතු කරගෙන අපි මේ පක්ෂය නිර්මාණය කළා. අපි හදපු මේ පක්ෂය තමයි අද වන විටත් ශක්තිමත්ම පක්ෂය. පොහොට්ටුව කියන්නේ ජනතාවගේ පක්ෂයක්. මේ පක්ෂය වට්ටවන්න කාටවත්ම බැහැ. පසුගිය මැයි 9 වනදා අරගලයේ මුවාවෙන් පොහොට්ටුවේ අපේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තිබ්බා. මැයි 9 වනදා වැඩිපුරම හානි කලේ ගම්පහට. මගේ ආසනයේ ගෙවල් 13 ක් ගිනි තිබ්බා. මේක සංවිධානාත්මකව කරපු දෙයක්. මේක පිටුපස ජේවිපි එක හිටියා. ඒ අය දන්නවා ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදීව බලයට එන්න බැහැ කියලා. ඒ නිසා පොහොට්ටුව බිද වට්ටවන්න කටයුතු කරා. ඒ අයට මං කියන්න ඕනි අපිට ගැහුවට, ගෙවල් ගිනි තිබ්බට අපි කවදාවත් ආපස්සට යන්නේ නැහැ කියලා. 77 දිත් මගේ පියාගේ නිවස ගිනි තිබ්බා. අපිට මේවා හොදට පුරුදුයි. පසුගිය ජනාධිපතිවරණයේදී ගම්පහ ප්‍රතිඵල ආවේ අන්තිමට. ගම්පහ තත්ත්වය ගැන පක්ෂයේ අපේ නායකයෝ මගෙන් විමසද්දි මං කිවුවා අපි ලක්ෂ තුනකින් විතර ඉරිදියෙන් ඉන්නේ කියලා. අන්තිමට අපි ගම්පහ වැඩි ඡන්ද ලක්ෂ 3 1/3 කින් දිනුවා. අපේ පාක්ෂකයෝ බලාපොරොත්තු ගොඩක් තියාගෙන එදා ගෝඨාභය මහතා දිනෙව්වා. මහ මැතිවරණය වෙලේ මං කිවුවා අපි එක්ක හිටපු අයට ඡන්දය දෙන්න කියලා. පරණ අය අපි එක්ක ඉදිවි. අලුත් අය අපිව දාලා යයි කියලා. අනත්තිමට මොකද වුනේ? අලුතින් ආව අය පක්ෂය දාලා යද්දි පොහොට්ටුව රැක ගන්න ඉතුරු වුණේ පරණ අපිම තමයි. අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට සමහරු බනිනවා. නමුත් මම එතුමට කවදාවත්ම බනින්නේ නැහැ. මොකද? මහින්ද රාජපක්ෂ මහතා යුද්ධයෙන් රට බේරා ගත්තා වගේම, කොවිඩ් වසංගතයෙන් ජනතාව බේරා ගත්තේ ගෝඨාභය හිටපු ජනාධිපතිතුමා. තමන්ගේ ගෙදරට මිනිස්සු ආපු වෙලේ ගහලා එළවන්න ගෝඨාභය මහත්තයට තිබ්බා. නමුත් එතුමා එහෙම කලේ නැහැ. අපි කවදාවත් මිනී මරපු පක්ෂයක් නෙමෙයි. ජනතාව බේරා ගත්තා නායකයෝ ඉන්න පක්ෂයක් මේක. 88-89 කාලයේ ජේවිපි එක මොන තරම් අපරාධයක් රටට කලාද? තමන්ගේ නියෝගයට කන් දුන්නේ නැතිනම් රාජ්‍ය සේවකයෝ මරලා දැම්මා. පොලීසියේ අය, හමුදාවේ අයව ඝාතනය කලේ පවුල් පිටින්. ඔවුන් පසුගිය අරගලයේදිත් කලේ ඒකමයි. ඔවුන් කරන්නේ තමන්ගේ මතයට විරුද්ධව කටයුතු කරන අයව මරලා හරි පාලනය කරන එකයි. නමුත් ගම්වලට ගියාම අපිට තරම් ශක්තියක් ඒ පක්ෂවලට නැහැ. අරගලයත් එක්ක රැල්ලට ආපු සමහර දේශපාලන පක්ෂ අද රැල්ලත් එක්කම ගහගෙන ගිහින් ඉවරයි. අද අපේ බල මණ්ඩල වලට වැඩි වැඩියෙන් ජනතාව එනවා. ඒ කියන්නේ අපේ පක්ෂය තවමත් ශක්තිමත්. ඒ නිසා අපිට ගහපු, බැනපු, ගෙවල් ගිනි තියපු, බේරේ වැවට දාපු අයට අපි කියනවා, අපිට ගැහුවට බැන්නට ගෙවල් ගිනි තිබ්බට අපි පලි ගන්න යන්නේ නැහැ. නමුත් මින් ඉදිරියට අපිට කරදර හිරිහැර කලොත් ඒවට පොලියත් එක්කම වන්දි ගෙවන්න වෙයි කියලා මං කියනවා. පසුගියදා මං පාර්ලිමේන්තුවේදී කිවුවා, පුළුවන් නම් දැන් මගේ ගෙදරට එන්න, මං තනියම ඉන්නේ කියලා. සමහරු ඇහුවා මගෙන් ඒක තර්ජනයත්ද ? අවවාදයක්ද ? කියලා. එතකොට මං කිවුවේ, ඕන නම් ඒක තර්ජනයක් විදිහට ගන්නත් පුළුවන්. නැත්නම් අවවදායක් විදිහට ගන්නත් පුළුවන් කියලයි. අපි අහිංසකයි. නමුත් අපිට දරුණු වුනොත් අපිත් දරුණුයි. මහින්ද රාජපක්ෂ අගමැතිතුමා අයින් වුනාම අපි විපක්ෂයට ආරාධනා කළා ඇවිත් ආණ්ඩුව භාර ගන්න කියලා. නමුත් කවුරුත් ඉදිරිපත් වුනේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා විතරයි ආවේ. ඉතින් අපි එතුමට අපේ සහය ලබා දුන්නා. මං අදටත් සතුටු වෙනවා, ඒ තීරණය ගැන. 69 ලක්ෂයේ බලාපොරොත්තු ඉටු කරන්න අපේ ආණ්ඩුවට වගකීමක් තියෙනවා. ඒ වෙනුවෙන් අපි කැප වනවා. ඒ වගේම අනාගතයේදී ඔනෑම මැතිවරණයකදී පොහොට්ටුව ලබා දෙන නායකත්වය තමයි මේ රටේ බලය පිහිටුවන්නේ‍.” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මිලාන් ජයතිලක හා සහන් ප්‍රදීප්, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි, කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න යන මහත්වරුන්, පළාත් සභා හා පළාත් පාලන ආයතනවල හිටපු නියෝජිතයන්, පාක්ෂිකයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Post Views: 10
Previous Post

චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික යුවාන්, ජනපති හමුවෙයි

Next Post

දේශපාලන උප්පරවැට්ටි නැතිව හරි විදිහට සාකච්ඡාවට එන්නැයි විපක්ෂනායක සජිත් ජනපතිට කියයි

editor

editor

Next Post

දේශපාලන උප්පරවැට්ටි නැතිව හරි විදිහට සාකච්ඡාවට එන්නැයි විපක්ෂනායක සජිත් ජනපතිට කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved