ගාල්ල දඩැල්ල ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති ආදී “ඇලවීෂියානු අභියෝග කුසලාන” සත් සාමාජික හොකී තරගාවලියේ පිරිමි ශූරතාව දිනා ගැනීමට පොලිස් (ඒ) කණ්ඩායම සමත් වූ අතර, එහි අනුශූරතාව ගුවන් හමුදා (ඒ) කණ්ඩායමටත්, දෙවැනි අනුශූරතාව සත්කාරක ගාල්ල ආදී ඇලවීෂියානු ක්‍රීඩා සමාජයටත් හිමි විය.
මෙම තරගාවලියට සමගාමීව පැවැත්වුණු කාන්තා අංශයේ ශූරතාව ටර්ෆ් ටෙරරීස් සමාජය විසින් දිනා ගන්නා ලද අතර, එහි අනුශූරතාව ගුවන් හමුදාවට සහ දෙවැනි අනුශූරතාව නාවික හමුදාවට හිමි විය. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ගුවන් හමුදාවේ එම්. එම්. එම්. මනාසීර් සහ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ටර්ෆ් ටෙරරීස්හි එම්. ගුණරත්න සම්මාන දිනාගත්හ.














