පොලිස් බුද්ධි අංශ සහ අපරාධ විමර්ශන අංශ එක්ව දියත් කළ විශේෂ මෙහෙයුම්වලදී විවිධ අපරාධ ක්‍රියාවලට සෘජුවම සම්බන්ධ බවට සාක්ෂි සහිතව හඳුනාගත් ප්‍රබල සැකකරුවන් 34 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. මනුෂ්‍ය ඝාතන, මංකොල්ලකෑම් සහ දේපළ හානි සිදුකිරීම් සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ පොලිසිය මඟින් සොයමින් සිටි මෙම අපරාධකරුවන් පිරිස මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ විශේෂ හඹායෑම් මාලාවකින් පසුවය.
















