පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනවලට සහ අධිකරණ ක්‍රියාවලියට අනවශ්‍ය ලෙස බාධා කිරීම සහ බලපෑම් කිරීමේ චෝදනා මත, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ සර්වජන බලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර යන මහත්වරුන්ට එරෙහිව අද (12) දින පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් භාර දී තිබේ.
මෙම මහත්වරුන් විසින් සිදුකරන ලද ප්‍රකාශ සහ ක්‍රියාකාරකම් මගින් පාස්කු ප්‍රහාරයේ සත්‍ය අසත්‍යතාව සොයා බැලීම සඳහා සිදුකරන විමර්ශන කටයුතුවලට බාධාවක් සිදුවන බවත්, එමගින් අධිකරණයේ ගෞරවයට සහ ස්වාධීනත්වයට හානි වන බවත් පැමිණිලිකරුවන් පෙන්වා දී ඇත.
මෙම බලපෑම් කිරීම් නතර කර, අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව නීතියේ දැඩිව ක්‍රියාත්මක කරන ලෙස මෙම පැමිණිල්ල මගින් ඉල්ලා සිටී.
















