මඩකලපුව ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරයෙකු නියමිත නිවාඩු අනුමැතියකින් තොරව ප්‍රංශය බලා පිටත්ව ගොස්, එල්ටීටීඊ හිතවාදී මහවිරු සැමරුමකට සහභාගී වී ඊළාම් කොඩියක් ප්‍රදර්ශනය කරමින් සිටි බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග තහවුරු කරයි.
පසුගිය අප්‍රේල් 14 වැනිදා සිට අදාළ කොස්තාපල්වරයා රාජකාරියට වාර්තා නොකිරීම හේතුවෙන්, ඔහුව සේවය අතහැර ගිය අයෙකු ලෙස සලකා පසුගිය 22 වැනිදා නිල නිවේදනයක් නිකුත් කර තිබේ.
අදාළ සැමරුම් උත්සවයේදී මෙම පොලිස් නිලධාරියා ඊළාම් කොඩිය අතැතිව සිටින රූප රාමු කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතියි.
මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ අදාළ කොස්තාපල්වරයා සේවය කළ ස්ථානය අධීක්ෂණය කරන සහකාර පොලිස් අධිකාරිවරයාගේ මැදිහත්වීමෙනි.මෙම නිලධාරියාගේ ක්‍රියාකලාපය පිළිබඳව පොලිස් මූලස්ථානය විසින් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතියි.














