2026 රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව මාතර, තිහගොඩ පොලිස් වසමේ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.
අද (29) දින සවස 5.00 සිට රාත්‍රී 10.00 දක්වා පැවැත්වෙන සර්වඥ ධාතු පෙරහර හේතුවෙන් මාතර – හක්මණ මාර්ගයේ තිහගොඩ ජාතික පාසල අසල සිට මිදෙල්ලවල පුරාණ විහාරස්ථානය දක්වා වන මාර්ග කොටසේ රථවාහන ගමනාගමනය සීමා කර ඇත.
පෙරහර ගමන් ගන්නා කාලසීමාව තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙසත්, පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත රථවාහන ධාවනය සිදු කරන ලෙසත් රියදුරන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
















