රුපියල් 20,000ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සයින්දමරුදු පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට එරෙහිව නීතිමය පියවර ලිහිල් කිරීම සඳහා මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බවට චෝදනා එල්ල වේ. එනම්, සැකකරු සන්තකයේ තිබූ සම්පූර්ණ අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය වෙනුවට හෙරොයින් මිලිග්‍රෑම් 70ක ප්‍රමාණයක් සම්බන්ධයෙන් පමණක් අධිකරණයට කරුණු වාර්තා කර සුළු දඬුවමකට යටත් කිරීමට සහ ඉදිරියේදී කරදරයකින් තොරව කටයුතු කරගෙන යාමට ඉඩ සැලසීම වෙනුවෙන් මෙම අල්ලස ලබාගෙන ඇත.
අගෝස්තු 17 වන දින පොලිස් පරීක්ෂකවරයා පෙරියනිලාවලි පොලිස් ස්ථානය තුළදී සහ පොලිස් කොස්තාපල්වරයා කල්මුණේ කුඩි 9 සහිරා විද්‍යාලය ඉදිරිපිටදී අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.














