27 April 2024
#දේශීය #පුවත්

පොදු ප්‍රවාහන සේවාවලදී සිදුවන ලිංගික හිංසනයන් මැඩපැවැත්වීමට පොලිසියෙන් මෙහෙයුම්

ළමයින්ට හා කාන්තාවන්ට පොදු ප්‍රවාහන සේවාවලදී සිදුවන ලිංගික හිංසනයන් මැඩපැවැත්වීමට පොලිසියෙන් ඊයේ (07) දිනයේ දිවයින පුරා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

පොදු ප්‍රවාහන සේවා වලදී ළමයින්ට හා කාන්තාවන්ට විවිධ ලිංගික හිංසනයන් සිදුවන බවට දෛනිකව පොලිස් ස්ථාන වලට වාර්තාවන පැමිණිලි සැලකිල්ලට ගනිමින් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි මෙම විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.

මෙම මෙහෙයුම මගින් මහජනතාව වැඩි වශයෙන් පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන පැය 8.00 සිට පැය 10.00 දක්වා සහ පැය 17.00 සිට පැය 19.00 දක්වා කාලයේදී වැඩි ප්‍රමුඛත්වය ලබාදී මෙහෙයුම් සිදු කරන ලෙසට එමගින් උපදෙස් ලබාදී ඇත.

මෙහිදී සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිළධාරීන් කණ්ඩායම බැගින් බස් රථ වල ගමන් කරවීමට කටයුතු කරනු ලබන අතර, මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන වීදි, බස්නැවතුම් පල, දුම්රිය ස්ථාන ආදි ස්ථාන වෙතද විශේෂ අවධානයක් යොමු කරනු ලබයි.

මෙම මෙහෙයුම් සිදුකරන කාල සිමාව තුළ නිල ඇදුමින් පොලිස් නිලධාරීන් කණ්ඩායම් (විශේෂයෙන්ම ප්‍රධාන මාර්ග ආවරණය වන පරිදි) සිවිල් ඇදුමින් ගමන් ගන්නා නිලධාරීන්ට සහයක් අවශ්‍ය වු විට නොපමාව එම සහාය ලබාදීමට හැකි වන පරිදි සුදානම් කර තැබීමටද කටයුතු සුදානම් කර ඇති බවද පොලිස් මුලස්ථානය වැඩිදුරත් සදහන් කරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *