මොනරාගල මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් විසින් 2026 ජූලි 05 දින සිදු කළ වැටලීමකදී, මංපෙඩියාව ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස වගා කර තිබූ ගංජා හේනක් සොයාගෙන තිබේ.
අක්කර 02ක පමණ භූමි ප්‍රදේශයක වගා කර තිබූ මෙම ගංජා හේනේ තිබී ගංජා පැළ 11,6736ක් (එක් ලක්ෂ දහසය දහස් හත්සිය තිස් හයක්) පොලිස් භාරයට ගෙන ඇත. මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ඇත්තේ තණමල්විල ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, මොනරාගල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.














