27 April 2024
#දේශීය

රියාද් බදීයුදින් පාස්කු ප්‍රහාරයෙකු සමඟ ඍජු සම්බන්ධතා පවත්වා ඇති බව පොලිසිය කියයි

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ අයෙකු සමඟ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයා වන රියාද් බදියුදීන් විසින් ඍජු සම්බන්ධතා පවත්වා ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ රියාද් බදීයුදීන් නැමැත්තා විසින් බෝම්බකරු සමඟ විවිධ සමිති මෙන්ම ඉඩම් ගනුදෙනු කටයුතු සිදු කර ඇති බව හෙලිව ඇති බවයි. එසේම ඔවුන් විවිධ ස්ථානවල සාකච්ඡා පවත්වා ඇති බවත් හෙලී වු බව මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

එසේම මොහුව ඊයේ දින අත්අඩංගුවට ගනු ලැබු අවස්ථාවේදී ඔහු සමඟ සිටි තවත් 6 දෙනෙකු ද ඇතුළත් බවත් ඔවුන් අතර නීතිඥවරයෙකු ද සිටි බව මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය. එසේම එම නීතිඥවරයා ද ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වු පුද්ගලයින් සමඟ සමබඳතා පැවැත්වු බවට තොරුතුරු වාර්තා වී ඇති බව හෙතෙම පැවසිය.

කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 119 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ත්‍රස්ත විමර්ශන ඒකකයේ 78 දෙනෙකු රඳවා ප්‍රශ්ණ කර අතර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් 40 ක්ද රක්ෂිත බන්ධනාගාරයේ 33 ක් ද ඇතුලත්ය.

එහිදී මාධ්‍ය මගින් රිෂාද් බදිර්යුදීන් මහතා ද සම්බන්ධව ඇත්දැයි මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් කල විමසීමකදී ඔහු කියා සිටියේ මෙතෙක් එවැනි දෙයක් සම්බන්ධයෙන් හෙළිව නොමැති බවයි.

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *