පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා සිදු කළ මතභේදජනක ප්‍රකාශයකට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් පොලිස් මූලස්ථානයට කරන ලද පැමිණිල්ල, ඉදිරි විමර්ශන සඳහා පොලිස්පති නියමයෙන් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය වෙත භාර දී තිබේ.
අනුරාධපුරයේදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැලියක් අමතමින් මන්ත්‍රීවරයා මෙම ප්‍රකාශය සිදු කර ඇති අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා විසින් එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානය ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාමාර්ගවල නිරතව ඇති බවට චෝදනා කරමින් මෙම පරීක්ෂණය පවත්වන ලෙස ඉල්ලමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
ඒකාබද්ධ විපක්ෂයේ සම කැඳවුම්කරු නිරුක්ෂ කුමාර ඇතුළු පිරිසක් විසින් මෙම නිල පැමිණිල්ල පොලිස් මූලස්ථානය වෙත භාර දීමට කටයුතු කර තිබිණි.















