27 July 2024
#දේශීය

වර්ජනය පිටුපස දේශපාලන කුමන්ත්‍රණ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වර්ජනය අසාධාරණ බවත්, ඔවුන්ට එය අදාළ නොවන බවත් රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (26) මහනුවර පැවැති උත්සවයකට එක්වෙමින්.

ශ්‍රී ලංකා – සිංගප්පූරු වෙළඳ ගිවිසුම ඇතුළු ඉල්ලීම් 10 ක් මුල්කරගනිමින් අගෝස්තු 03 වැනිදා උදෑසන අටට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

එමෙන්ම සිංගප්පූරු වෙළඳ ගිවිසුමෙන් කිසිසේත්ම ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ට බලපෑමක් ඇති නොවන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

සිංගප්පූරු වෛද්‍යවරයෙකු එරට තුළදි ලක්ෂ 40කට ආසන්න වැටුපක් ලබන බැවින් මෙරට සේවයට කිසි සේත් ඔවුන් නොපැමිනෙන බවත් මෙරට වෛද්‍යවරුන් එම රටට රැකියාව සඳහා යෑමට උත්සහ කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

මෙම වැඩ වර්ජන පිටුපස දේශපාලන කුමන්ත්‍රණ පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *