27 April 2024
#දේශීය

දේශපාලඥයෝ මීන් ඉදිරියට ජනතාව වෙනුවෙන් තීන්දු ගත යුතුයි – මන්ත්‍රි දුමින්ද

දේශපාලඥයෝ මින් ඉදිරියට තමන්ගේ පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන්, තමන්ගේ ආණ්ඩුවේ ජයග්‍රහණය වෙනුවෙන් තමන්ගේ පාක්ෂිකයන්ට උදව් කරනවා වෙනුවට, රටේ සමස්ථ ජනතාවම රටක් විදිහට හිතලා, තීන්දු තීරණ ගත යුතුව තිබෙනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ, කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කුඩා පරිමාණ කෘෂිව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ බඩ ඉරඟු ගොවීන් 5000 ක් සඳහා බහු කාර්ය වල් නෙළන යන්ත්‍ර අනුරාධපුර නොච්චියාගම ප්‍රදේශයේදී ගොවීන් 189 දෙනෙකු වෙත ප්‍රදානය කිරීමෙ උත්සවයට සහභාගී වෙමින්ය.

මෙහිදී වර්ථමාන වෙළඳපළ වටිනාකම රුපියල් ලක්ෂයකට වා වැඩී නවීන තාක්ෂණයෙන් යුතු බහු කාර්ය වල් නෙළන යන්ත්‍ර බඩ ඉරඟු ගොවීන් වෙත නොමිලේ බෙදා දීම සිදු කෙරිණි.

 

 

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *