පොලොන්නරුව වනජීවි අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් පසුගිය 28 වැනිදා ජලගැලුම් නිම්න ජාතික උද්‍යානයේ සිදුකළ වැටලීමකදී සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී රුසියාවේ නිෂ්පාදිත බෝර 12 ගිනිඅවියක්, හිස සහිත මුවමස් කිලෝග්‍රෑම් 14ක්, විදුලි පන්දමක් සහ පිහියක්ද වනජීවි නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (29) පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 41,000ක දඩයක් නියම කර තිබෙනවා.
















