අද සන්ධ්‍යාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලියෝ පාප්වහන්සේ අවධාරණය කළේ කතෝලික සභාවේ ප්‍රධානතම වගකීම වන්නේ ලෝකය පුරා සාමය සහ ශුභාරංචිය පතුරුවා හැරීම බවයි. ලෝක දේශපාලන තත්ත්වයන් හමුවේ උන්වහන්සේගේ ස්ථාවරය විවේචනය කරන පිරිස් වෙත පිළිතුරු දෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළහ.
මුල් අවස්ථාවේ සිටම තමන් වහන්සේ “සාමය උදාවා” යන ප්‍රාර්ථනය සමඟ කටයුතු කළ බවත්, ශුභාරංචිය දේශනා කිරීම සම්බන්ධයෙන් යමෙකු තමන්ව විවේචනය කරන්නේ නම් එය සත්‍යවාදීව සිදු කරන ලෙසත් පාප්වහන්සේ මෙහිදී සඳහන් කළහ.
විශේෂයෙන්ම ලෝකය මුහුණ දී සිටින ආරක්ෂක අර්බුද පිළිබඳව අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ, කතෝලික සභාව වසර ගණනාවක සිට සියලුම ආකාරයේ න්‍යෂ්ටික අවිවලට එරෙහිව සිය ස්ථාවරය ප්‍රකාශ කර ඇති බවයි. ඒ පිළිබඳව කිසිදු සැකයක් තබා නොගත යුතු බවත්, සභාවේ මෙහෙවර වන්නේ මානව වර්ගයාගේ යහපත උදෙසා සාමය වෙනුවෙන් පෙනී සිටීම බවත් උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.














