කෘත්‍රිම බුද්ධිය (AI) ඇතුළු නව තාක්ෂණයන් වේගයෙන් වර්ධනය වීම හමුවේ මනුෂ්‍යත්වයට ඇති විය හැකි බලපෑම් පිළිබඳ පාප් ලියෝ XIV අනතුරු අඟවා තිබේ.
ප්‍රංශයේ නිල සංචාරය ආරම්භ කරමින් ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ රාජ්‍යතාන්ත්‍රිකයන් හමුවූ අවස්ථාවේදී පාප්තුමා සඳහන් කළේ, දෛනික ජීවිතය ආක්‍රමණය කරමින් එය පාලනය කරන “යන්ත්‍රවල පාරාදීසයක්” මධ්‍යයේ මනුෂ්‍යත්වය අහිමි නොවීමට සදාචාරාත්මක විනිශ්චය පිළිබඳ අධ්‍යාපනය අත්‍යවශ්‍ය බවයි.
තාක්ෂණික හා විද්‍යාත්මක ප්‍රගතිය ලාභය මත පදනම් වූ ක්‍රියාකාරකම් බවට පත්වී ජාන වෙනස්කම්, අන්වාදේශ මව්භාවය, මිනිස් අවයව වෙළඳාම සහ මරණය තෝරාගැනීම වැනි කරුණු දක්වා ව්‍යාප්ත වීම පිළිබඳවද පාප්තුමා අවධානය යොමු කළේය.
AI සංවර්ධනයේදී මිනිසාගේ ගරුත්වය සහ නිදහස මූලික කරගත යුතු බව අවධාරණය කළ පාප්තුමා, තාක්ෂණය මනුෂ්‍යයන් වෙනුවට ඔවුන්ට එරෙහිව ක්‍රියා කරන දෙයක් නොව, මනුෂ්‍යයන්ට උපකාර කරන මෙවලමක් බවට පත් කිරීම සඳහා තාක්ෂණික ක්ෂේත්‍රය සමඟ සංවාදය ඉදිරියට ගෙන යාමටද අවශ්‍ය බව පෙන්වා දුන්නේය.
පාප් ලියෝ XIVගේ ප්‍රංශ සංචාරය සැප්තැම්බර් 25 සිට 28 දක්වා පැවැත්වෙන අතර, එහිදී ඔහු UNESCO මූලස්ථානයේදීද අදහස් දැක්වීමට නියමිතව තිබුණි.














