• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රට හදන්න තනතුරු අවශ්‍ය නෑ – විපක්ෂනායක සජිත්

7 August 2022
in දේශීය

ප්‍රජාන්ත්‍රවාදය සදාචාරය අමතක කර අශිෂ්ට ආකාරයට තීන්දු තීරණ ගත්තානම් අද වන විට තමාට ජනාධිපති වුව විය හැකි බවත් එහෙත් සදාචාර විරෝධිව ජනාධිපති නොවී ජනතාවගේ කැමැත්තෙන් තොරව කිසිඳු තනතුරක් ලබා නොගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ (6) අරනායක සමගි ජනබලවේගයේ  බල මණ්ඩල රැස්වීම අමතමිනි.

රටේ පවතින අසීරු තත්ත්වය තේරුම් ගෙන සියලු  දෙනා රට ගොඩ නැගීමට එක් විය යුතු බවත් එහිදී ඇමතිකම් නොගෙන පාර්ලිමේන්තු කමිටු ක්‍රමවේදය හරහා එකට අත්වැල් බැදගෙන රට ගොඩනැගීමට සූදානම් බව හෙතෙම පැවසයි.

අද වන විට ජනතාව අසීමිත දුකකට වේදනාවකට පත්ව ඇති බවත්  2019 ජනාධිපතිවරණයට පෙර කිසිඳු පෝලිමක් නොතිබූ බවත් අවම උද්ධමනයකින් යුතුව ආත්ම අභිමානයෙන් ජීවත් වූ බවත් පැවසූ විපක්ෂ නායකවරයා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ප්‍රමුඛ රාජපක්ෂ පරපුරේ පොහොට්ටු පවුල් පාලනයේ අදූරදර්ශී පාලනය හේතුවෙන් මේ වන විට ලෝකේ වටේ ගිහින් ඩොලර් හිගාකන තත්ත්වයට පත්ව ඇති බව ද පැවසීය. 

එසේම වර්තමාන රජය හදිසි නීතිය දමා මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහෝසි කරමින් වෘත්තීය සමිති නායකයන් පවා දඩයම් කරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා පවා වරක් පාර්ලිමේන්තුවේ දී ජොසෆ් ස්ටාලින් මහතා අත්අඩංගුවට ගැනීම ජී.එස්.පී + නැති වීමට ද හේතුවක් විය හැකියි පැවසුවත් ඔහු ජනාධිපති වූ විගස ජෝසෆ් ස්ටාලින් මහතා අත්අඩංගුවට ගත් බවත් එය සදාචාර විරෝදී ක්‍රියාවක් බවත් පැවසීය.

මේ වන විට රට තුළ පුද්ගල ඝාතන මෙන්ම ගෙවල් ගිනි තැබීම් පසුගිය කාලයේ සිදු වූ බවත් එවැනි ක්‍රියා මෙන්ම ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන රාජ්‍ය මිලේච්ඡත්වය ද තමා ප්‍රතික්ෂේප කරන බවත් ආණ්ඩුවට හදිසි නීතිය උපයෝගී කර ගෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ළංඝනය කළ නොහැකි බව ද පැවසීය.

 

Post Views: 7
Previous Post

ජනපති රනිල් පාස් බව අතිපුජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියෝ පවසති

Next Post

මේ පදක්කම අයිති මට ශක්තියක් වුණ අයටයි – නෙත්මි අහිංසා

editor

editor

Next Post

මේ පදක්කම අයිති මට ශක්තියක් වුණ අයටයි - නෙත්මි අහිංසා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved