සම්මානනීය දෘශ්‍ය කලාකරුවකු හා චිත්‍ර ශිල්පියකු වන ශ්‍රී ලංකා දෘශ්‍ය කලා අනුමණ්ඩලයේ සභාපති ප්‍රගීත් රත්නායක මහතා විසින් ඉදිරිපත් කරනු ලබන “උත්තම පුරුෂ – First Person” දෘශ්‍ය කලා ප්‍රදර්ශනය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ සහභාගීත්වයෙන් අගෝස්තු 19 වැනිදා කොළඹ Art Rizome කලාගාරයේදී විවෘත කෙරිණි.
මෙහිදී ප්‍රගීත් රත්නායක මහතා විසින් සිය 50 වසරක දිවි ගමන සහ කලා දිවිය වෙනුවෙන් සම්පාදනය කරන ලද “Prageeth Rathnayake, Fifty Years of Vision, Color & Soul” විශේෂ ග්‍රන්ථයද අග්‍රාමාත්‍යතුමිය වෙත පිළිගැන්විණි.
මෙම කලා ප්‍රදර්ශනය අගෝස්තු 20 වැනිදා සිට සැප්තැම්බර් 07 වැනිදා දක්වා කොළඹ Art Rizome කලාගාරයේදී මහජන ප්‍රදර්ශනය සඳහා විවෘතව පවතී.
මෙම අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති කීර්ති වැලිසරගේ, ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන යන මහත්ම මහත්මීන් සහ ආරාධිත අමුත්තන්, කලාකරුවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
















