දූෂණ චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කර සිටින හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට එරෙහිව සිදුකරන විමර්ශනවල ප්‍රගතිය ඔක්තෝම්බර් මස 20 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අල්ලස් කොමිසමට නියම කර තිබෙනවා.මෙම නඩුව අද (04) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් විමර්ශන පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. එහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා කරුණු දක්වමින්, තම සේවාදායකයාට ජර්මනිය සහ ඩුබායි රාජ්‍යයන් වෙත යාම සඳහා වීසා බලපත්‍ර ලබාගැනීමට අවශ්‍යව ඇති බැවින් දැනට ඇප මත මුදාහැර තිබෙන විදේශ ගමන් බලපත්‍රය තවදුරටත් ඔහු භාරයේ තබාගැනීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියේය.ඉල්ලීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා, පෙර නියම කළ පරිදි අදාළ විදේශ ගමන් බලපත්‍රය සැකකරු භාරයේ රඳවා ගැනීමට අවසර ලබා දුන් අතර, නඩුවේ ඉදිරි විමර්ශන ප්‍රගති වාර්තාව ඔක්තෝබර් 20 වන දින ඉදිරිපත් කරන ලෙස අල්ලස් කොමිසමට නියෝග කළේය.














