• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ප්‍රශාන් ද විසර් සිය කුළුඳුල් කෘතිය වන ‘Phoenix Generation’ එළිදක්වමින් Sri Lanka Unites වෙත සමු දෙයි

6 April 2023
in Uncategorised

සංහිඳියාව ස්ථාපිත කිරීම වෙනුවෙන් කැප වන කීර්තිමත් තරුණ නායකයෙකු, ක්‍රියාකාරිකයෙකු, කථිකයෙකු සහ ගැටුම් නිරාකරණය පිළිබඳ මහාචාර්යවරයෙකු මෙන් ම Sri Lanka Unites (www.srilankaunites.org) සහ Global Unites (www.globalunites.org) ආයතනවල සභාපතිවරයා ලෙස කටයුතු කරන ප්‍රශාන් ද විසර් මහතා විසින් රචිත කුළුඳුල් කෘතිය වන ‘Phoenix Generation’ එළි දැක්වීම පසුගිය 30 වන දින බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) දී සිදු කෙරිණි.

‘Phoenix Generation’ කෘතිය සාමය ගොඩනංවමින්, ජාතික පරිවර්තනයේ කේන්ද්‍ර්‍ය කාර්යභාරයක් ඉටු කිරීම සඳහා තරුණයින් පෙළඹවීම අරමුණු කරන උපදේශාත්මක කෘතියකි. පවතින ක්‍රමවේදය වෙනස් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කෙරුණු ඓතිහාසික බිම් මට්ටමේ සංවිධානවලින් උගත් පාඩම්, අතිසාර්ථක වැඩසටහන් සහ ඒ හරහා ලබා ගත් වසර 15 ක පළපුරුද්ද තුළින් මෙරට සාමය ගොඩනැංවීම ඉලක්ක කර ගත් විශාලතම තරුණ සංවිධානයක් වන Sri Lanka Unites සහ ලෝක සාමය වෙනුවෙන් ක්‍රියාත්මක වන ගෝලීය තරුණ සංවිධානයක් වන Global Unites යන සංවිධාන නිර්මාණය කළ විසර් මහතා මෙම කෘතිය හරහා තම පාඨකයින්ගෙන් ඉල්ලා සිටින්නේ තාරුණ්යය මුල් වෙමින් නිර්මාණය වන ගැටුම් අවම කර ගැනීම වෙනුවෙන් කැප වන ලෙසයි.

මෙම කෘතිය අගයමින් හිටපු ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මහතාගේ අධ්‍යාත්මික උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ ආචාර්ය ජොයෙල් හන්ටර් මහතා පවසන්නේ, “මෙය ලෝකය යහපත් අයුරින් වෙනස් කිරීමට අපේක්ෂා කරන සෑම කෙනෙකු ම කියවිය යුතු ම කෘතියක්. එය රචනා කර ඇත්තේ අනාගත ලෝකය යහපත් අයුරින් නිර්මාණය කිරීම වෙනුවෙන් කැප වන ගෝලීය සංවිධානයක් වන Global Unites නිර්මාණය කළ ලොව ප්‍රමුඛතම තරුණ නායකයෙකු විසින් වීම තවත් විශේෂත්වයක්. එමගින් ආස්වාදජනක බලාපොරොත්තු මල්ඵලගන්වා ගැනීමට සහයෝගීතාවෙන් යුතුව කටයුතු කිරීම සඳහා තරුණ නායකයින්ට එක් වන ලෙස ආරාධනය කරනවා.” යනුවෙනි.

ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධය අවසන් වීමට පෙර, 2006 වසරේ දී ආරම්භ කෙරුණු Sri Lanka Unites සංවිධානය වර්තමානය වන විට සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇත. අද සාමාජිකයින් 30,000 කට ආසන්න සංඛ්‍යාවක්, කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන 40 ක් සහ දිවයිනේ පලාත් 9 ආවරණය වන පරිදි ක්‍රියාත්මක කාර්යාල 9 ක් සහිතව මෙරට දිස්ත්‍රික්ක 25 තුළ ම ක්‍රියාකාරී සංවිධානයක් ලෙස කටයුතු කරන Sri Lanka Unites සංවිධානයේ ආභාසයෙන් 2015 වසරේ දී Global Unites නම් ගෝලීය සංවිධානය ආරම්භ කෙරුණු අතර, ප්‍රශාන් ද විසර් මහතාගේ දූරදර්ශී නායකත්වය යටතේ එම සංවිධානය අද වන විට රටවල් 13 ක ක්‍රියාත්මක වෙයි.

‘Phoenix Generation’ කෘතිය එළිදැක්වීම සමඟ දක්ෂ තරුණ පරම්පරාව වෙත නායකත්වය භාර දෙමින් විසර් මහතා Sri Lanka Unites වෙතින් සමු ගැනීම නිල වශයෙන් සනිටුහන් කළ අතර, ඔහු Global Unites සංවිධානයේ වර්ධනය වෙනුවෙන් පූර්ණකාලීනව කැපවීමට අරමුණු කරයි. එමෙන් ම ඉදිරියේ දී ප්‍රතිපත්ති පරිවර්තනය කරමින්, තරුණ නායකත්වයෙන් යුත් නව ශ්‍රී ලාංකේය දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීම පිළිබඳව අවධානය යොමු කිරීම ද විසර් මහතාගේ ප්‍රධාන අරමුණකි.

ප්‍රශාන් ද විසර් මහතා විසින් රචිත ‘Phoenix Generation’ කෘතිය කොළඹ, මහනුවර, ගාල්ල සහ යාපනය යන නගරවල පිහිටා ඇති ප්‍රධාන පෙළේ පොත් හල්වලින් ලබා ගත හැකි අතර, එම කෘතිය Kapruka.com හරහා ශ්‍රීලංකාවේ සහ Amazon.com හරහා ලොව ඕනෑ ම තැනකට ගෙන්වා ගත හැකිය.

 

 

පිටපත -PR

Post Views: 7
Previous Post

මහනුවරද කල වැටලීමකදී භාවිතයට නොසුදුසු ආහාර තොග පිටින් හසුවෙයි

Next Post

ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් වැඩසටහනේ ප්‍රගතිය ලෝක බැංකු නියෝජිතයන්ගේ ප්‍රසාදයට

editor

editor

Next Post

ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් වැඩසටහනේ ප්‍රගතිය ලෝක බැංකු නියෝජිතයන්ගේ ප්‍රසාදයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved