රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා අද (22) නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ගිනි අවියක් පෙන්වා පුද්ගලයෙකුට තර්ජනය කළ බවට එල්ල වූ චෝදනාවක් මත නුවරඑළිය පොලිසිය විසින් ඊයේ ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.
නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් සිටියදී අවිස්සාවේල්ල ප්‍රදේශයේ සිට පැමිණි පිරිසක් සමඟ ඇති වූ බහින්බස්වීමක් මෙම සිද්ධියට මුල් වී ඇති බව පොලිසිය පවසයි. එහිදී මන්ත්‍රීවරයා සතුව තිබූ පිස්තෝලයක් පෙන්වා තර්ජනය කළ බවට ලද පැමිණිල්ලකට අනුව ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර, අදාළ ගිනි අවිය සඳහා වන බලපත්‍රය 2025 වසරේදී කල් ඉකුත් වී ඇති බව ද විමර්ශනවලදී හෙළි වී ඇත. නුවරඑළිය පොලිසියේ අපරාධ විමර්ශන අංශය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
















