එල්-නිනෝ තත්ත්වයේ වර්ධනයන් සැලකිල්ලට ගනිමින් ඉදිරි සැලසුම් සකස් කරන ලෙසත්, කුඩා සහ මධ්‍ය පරිමාණ වැව් ප්‍රතිසංස්කරණ කටයුතු ඉදිරි මාසය තුළ කඩිනමින් සිදු කරන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ පාර්ශ්වයන්ට උපදෙස් ලබා දී ඇත.
ප්‍රධාන ජලාශවල පවතින ජල ධාරිතාව, අඛණ්ඩ පානීය ජල සැපයුමක් සහතික කිරීම සහ කෘෂිකර්ම කටයුතු සඳහා අවශ්‍ය ජලය සැපයීම වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග සමාලෝචනය කිරීම සඳහා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී තිබේ. එළඹෙන ඔක්තෝබර් මාසයේ සිට ආරම්භ වන වැසි සමයේදී උපරිම ජල ධාරිතාවක් රැස් කරගැනීම සඳහා වාරිමාර්ග පද්ධතිය කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කෙරිණි.
















