බන්ධනාගාරවල පවතින තත්ත්වයන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද (අගෝස්තු 07) පස්වරුවේ පැවැත්වෙන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, රැඳවියන්ගේ සහ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය කැපවී සිටින බවයි. මෙම තත්ත්වයන් පාලනය කිරීම සඳහා කෙටි කාලීන සහ දිගු කාලීන වැඩපිළිවෙළවල් කිහිපයක් යෝජනා වී ඇති අතර, ඒ සඳහා අධිකරණ අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් අමාත්‍ය මණ්ඩල කමිටුවක් ද පත් කර ඇත. මෙම සිදුවීම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බවත්, අදාළ පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු කඩිනම් පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














