මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වයන් සහ ඉරාන අනුග්‍රහය ලබන කණ්ඩායම් සමග පවතින ගැටුම් ඉතා ඉක්මනින් අවසන් කිරීමට හැකිවනු ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ ගැටුම්කාරී පාර්ශ්වයන්ට මෙලෙස දීර්ඝ කාලයක් ඉදිරියට යාමට හැකියාවක් නොමැති බැවින්, මෙම තත්ත්වය කෙටි කාලයකින් නිමාවට පත්වනු ඇති බවයි. එසේම, අමෙරිකානු හමුදා විසින් දිගුදුර මිසයිල සහ අවි ආයුධ විශාල වශයෙන් භාවිත කිරීම හේතුවෙන් ගෝලීය අවි සංචිතයට සිදුව ඇති බලපෑම පිළිබඳව මතු වූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්, ඇතැම් විශේෂිත පතොරම් සහ මිසයිල සංචිත සීමිත මට්ටමක පැවතියද, එය අමෙරිකානු ජාතික ආරක්ෂාවට හෝ හමුදා මෙහෙයුම්වලට කිසිදු බාධාවක් කර නොගන්නා බව ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත.














