ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (19) වැල්ලවත්ත පිහිටි අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ, එම නිකායේ උත්තරීතර මහනායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති මහානායක ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත්තේය. මෙහිදී මහානායක හිමිපාණන් ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ඣායනා කරමින් ජනාධිපතිවරයාගේ ඉදිරි රාජකාරි කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ආශිර්වාද එක් කරන ලදී. මෙම අවස්ථාවට අමරපුර මහා සංඝ සභාවේ වැඩබලන සභාපති පූජ්‍ය මාගාල්ලේ නාභිත හිමි, මහා ලේඛකාධිකාරී පූජ්‍ය බලපිටියේ සිරි සීවලී හිමි සහ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය අහංගම මෛත්‍රී මූර්ති හිමි ඇතුළු මහා සංඝරත්නය ද වැඩම කර සිටියහ.














