27 April 2024
#දේශීය

නව මහාධිකරණ විනිසුරුවරුන් 13 දෙනෙකුට ජනපති අතින් පත්වීම්

නව මහාධිකරණ විනිසුරුවරුන් දහතුන් දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

නව මහාධිකරණ විනිසුරු නාම ලේඛනය පහත පරිදි වේ. ඒ.ජී. අළුත්ගේ මහතා, ආර්.ආර්.ජේ.යු.ටී.කේ. රාජකරුණා මහතා, ආර්.ඒ.ඩී.යු.එන්. රණතුංග මහතා, ටී.එම්.සී.එස්. ගුණසේකර මහතා, එම්. ප්‍රභාත් රණසිංහ මහතා, ආර්.එම්.එස්.බී. චන්ද්‍රසිරි මහතා, ආර්. වැලිවත්ත මහතා, ජී.එල්. ප්‍රියන්ත මහතා, ඒ. නිශාන්ත පීරිස් මහතා, එස්.එම්.ඒ.එස්. මංචනායක මහතා, එල්.චමත් මදනායක මහතා, වී.එම්. වීරසූරිය මහතා, එච්.ඒ.ඩී.එන්. හේවාවසම් මහතා යන අය වේ.

ජ්‍යෙෂ්ඨත්වය මත පදනම් ව නව මහාධිකරණ විනිසුරුවරුන් පත්කර තිබේ. අධිකරණයේ ස්වාධීන්තවය ආරක්ෂා කරමින් නීතියේ ආධිපත්‍යය රට තුළ තහවුරු කිරීමත් නඩු කටයුතු ප්‍රමාද වීම වැළැක්වීමත් තමා අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා විනිසුරුවරුන් සමග සඳහන් කළේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *