• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනතාවට හිතවාදි 18 දෙනෙකු යුත් කොමිෂමක් ජනපති පත් කරයි

8 January 2021
in දේශීය

මහජන සුබ සිද්ධිය අරමුණු කර ගනිමින්, පවත්නා නීති හා රෙගුලාසි සරල කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සාමාජිකයන් 18 දෙනෙකුගෙන් යුත් කොමිෂමක් පත් කරයි.

හිටපු ජනාධිපති ලේකම් සහ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර යන මහත්වරු කොමිෂමේ සම සභාපතිත්වය හොබවති. කොමිෂමේ ලේකම් ධූරයට විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ මහතා පත් කර තිබේ.

සෙසු සාමාජිකයන් වන්නේ,

01- ඉඩම් කළමනාකරණ, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් – එස්.ඩි.ඒ.බී. බොරලැස්ස මහතා,
02- විදුලි බල අංශයේ විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් – එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා,
03- අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති – සුරේෂ් ද මෙල් මහතා,
04- රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් – සී. වැලිගමගේ මහත්මිය
05- රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ – ආයතන අධ්‍යක්ෂ ජනරාල් චන්දන කුමාරසිංහ මහතා,
06- සමාගම් නීති විශේෂඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා,
07- ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන මහතා,
08- ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී තිෂාන් සුබසිංහ මහතා,
09- සන්කෙන් කන්ස්ට්‍රක්ෂන්ස් (පුද්ගලික) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී –
රංජිත් ගුණතිලක මහතා,
10- ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂිකා – රේණුකා වීරකෝන් මහත්මිය
11- මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆයිනෑන්ස්, පීඑල්සී අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික -ජෙරාඩ් ඔන්ඩට්ච්චි මහතා,
12- නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ, අධ්‍යක්ෂ (විධායක නොවන) – අර්ජුන් ප්‍රනාන්දු මහතා
13- සුළු හා මධ්‍ය පරිමාණ ඉදිකිරීමේ අංශය – එස්.පී. ලියනාරච්චි මහතා,
14- ම්ලෙස්නා තේ, කළමනාකරණ අධ්‍යක්ෂ – ඇන්සලම් පෙරේරා මහතා
15- කර්මාන්ත මණ්ඩලයේ මහ ලේකම්/ ප්‍රධාන විධායක නිලධාරී – නිශ්ශංක විජේරත්න මහතා
16- තීම් රිසෝට්ස් ඇන්ඩ් ස්පාස් සභාපති, අධ්‍යක්ෂ ජනරාල් – චන්ද්‍රා වික්‍රමසිංහ මහතා

කොමිෂමට පැවරී ඇති කාර්යභාරය වන්නේ අයෝජන හා ඉදිකිරීම් ක්ෂේත්‍ර ප්‍රමුඛ සියලු ක්ෂේත්‍රවලට අදාලව දැනට නිකුත් කර ඇති චක්‍රලේඛ උපදෙස්, අවසර පත්‍ර හා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේද සහ අනුමත කිරීමේ පටිපාටි, රාජ්‍ය මූල්‍ය හා බදු ආදායම් සම්බන්ධ සියළු නීති, රෙගුලාසි සහ ඒවා ඇති කිරීමට බලපෑ කරුණු කෙරෙහිද අවධානය යොමු කරමින් පූර්ණ සමාලෝචනයට ලක් කිරීම බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

 

Post Views: 6
Previous Post

ලොතරැයි ජයග්‍රාහී මුදල් රටේ යහපත වෙනුවෙන් යොදවන්න – අගමැති කියයි

Next Post

රාජ්‍ය ඇමැති දයාසිරිට කොරෝනා ආසාදනය වෙයි

editor

editor

Next Post

රාජ්‍ය ඇමැති දයාසිරිට කොරෝනා ආසාදනය වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved