ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා පත් කරනු ලැබ තිබේ.
එම මණ්ඩලයේ සෙසු සාමාජිකයන් ලෙස විෂ් ගෝවින්දසාමි, හර්ෂණී රන්දිලිගම, මංගල කරුණාරත්න සහ කේ. ඒ. විමලේන්තිරරාජා යන මහත්ම මහත්මීහු පත් කර ඇත.අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (30) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම මහත්ම මහත්මීන් වෙත භාරදෙන ලදී.
















