අම්පාර, බක්මිටියාව රක්ෂිත ප්‍රදේශයේ අද (30) දින සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ගසක බෙනයක සඟවා තිබූ ස්නයිපර් (Sniper) වර්ගයේ ගිනි අවියක් සොයාගෙන තිබේ.
ආරක්ෂක අංශ විසින් මෙම ගිනි අවිය සොයාගනු ලැබුවේ ප්‍රදේශයේ සිදුවූ සැකකටයුතු ක්‍රියාකාරකමක් පිළිබඳව ලද තොරතුරක් මත සිදුකළ මෙහෙයුමකදීය. අදාළ ගිනි අවිය ඉතා සූක්ෂම ලෙස ප්ලාස්ටික් ආවරණයක බහා රක්ෂිතයේ ගසක ඉහළ බෙනයක සඟවා තිබී ඇත.
සොයාගත් ගිනි අවිය මේ වන විට පොලිස් භාරයට ගෙන ඇති අතර, මෙය කුමන අරමුණක් සඳහා කවුරුන් විසින් සඟවා තැබුවේද යන්න අනාවරණය කර ගැනීම සඳහා අම්පාර පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.
















