27 April 2024
#දේශීය

එදා ජනපති.. අද හිටපු ජනපති.. සමනායකත්වයක් නෑ – මහලේකම් දයාසිරි කියයි

සමනායකත්වයක් සම්බන්ධයෙන් මේ දිනවල යම් චවන හුවමාරු වීමක් තිබෙන නමුත් සෑබෑවින්ම සමනායකත්වයක් ඉල්ලීමක් සිදු නොකල බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

අද (11) එම පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් මහලේකම්වරයා කියා සිටියේ සමනායකත්වය සම්බන්ධයෙන් මේ වන විට බොහෝ පිරිස් නොදන්නා කරුණු මාධ්‍ය වල ප්‍රචාරණය කරන බවයි.

ඒ සම්බන්දයෙන් පැහැදිලි කරමින් මහලේකම්වරයා කියා සිටියේ ජනාධිපතිවරණ මැතිවරණයේදී එවකට ජනාධිපතිවරයා ලෙස සිටියේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බවත් එවකට විපක්ෂනායක ධුරය දැරුවේ වත්මන් අග්‍රාමාත්‍යවරයා බවත් ජනාධිපති අපේක්ෂකත්වය දැරුවේ කිසිදු තනතුරක් නොදරපු වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බවයි. එදා තත්ත්වය අනුව මැතිවරණ සම්බන්ධ සාකච්ඡාවලදී ජනාධීපතිවරයා සහ විපක්ෂනායකවරයා සමනායකයින් ලෙස පත් කල යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කල බව මහලේකම්වරයා අනාවරණ කළේය.

නමුත් දැන් තත්ත්වය වෙනස්ව ඇති අතර යලි සමනායකත්වය ගැන කතා කිරීමට අවශ්‍යනම් ඒ සම්බන්ධයෙන් පක්ෂ දෙක තුළ යළි සාකච්ඡා පැවැත්විය යුතු බව මහලේකම් දයාසිරි ජයසකෙර මහතා අවධාරණය කළේය.

කෙසේ වෙතත් ඉදිරි මැතිවරණය පුළුල් එකමුතුව ජාතික වැඩපිළිවෙලක් සහිතව සකස් කල යුතුව ඇති බව හෙතෙම කියා සිටියේය. තව ද ඉදිරි සති කිහිපයේදී පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා සඳහා දින ඉල්ලා ඇතිබව ද මහලේකම්වරයා කියා සිටියේය. ශ්‍රී ලංකා පොදු ජන සන්ධානය ලෙස නව සන්ධානය නම් කළ යුතු බවට යෝජනා වී ඇති අතර එහිදී ලකුණු පොහොට්ටුව වීම ගැටළුවක් නොමැති බව මහලේකම්වරයා කියා සිටියේය.

ඇතැම් පිරිස් උත්සහා කරන්නේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත 2015 වසරේදී උදා වු තත්ත්වයට ඇඳ දැමීම බව එවැනි දෙයකට කිසිදු අවස්ථාවක ඉඩ ලබා නොදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් කටයුතු කල යුතු බව මහලේකම් දයාසිරි ජයසේකර මහතා අවධාරණය කළේය.

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *