• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සාම්ප්‍රදායික චීන්තයෙන් බැහැර වී ආර්ථික පුනරුදයට දායක වෙන්න – ජනපති බැංකු ක්ෂේත්‍රයෙන් ඉල්ලයි

15 May 2020
in සංවර්ධන

COVID- 19 වසංගතය නිසා ඇද වැටුණු ආර්ථිකය නැවත ශක්තිමත්ව ගොඩනැගීම සඳහා සාම්ප්‍රදායික චින්තනයෙන් සහ වැඩරාමුවෙන් බැහැරව දායක වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බැංකු ක්ෂේත්‍රයෙන් ඉල්ලා සිටී.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (14) ජනාධිපති කාර්යාලයේ දී මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා ප්‍රමුඛ නියෝජ්‍ය අධිපතිවරු, රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ බැංකු සභාපතිවරු සහ ප්‍රධාන විධායක නිලධාරීහූ අතර පශ්චාත් කොරෝනා සමයේ ආර්ථික වර්ධනය සහ සංවර්ධනය උදෙසා සම්පාදිත වැඩසටහනට බැංකු ක්ෂේත්‍රය හවුල් කර ගැනීම සහ එහිදී බැංකු ක්ෂේත්‍රයට මතුව ඇති ගැටළු සාකච්ඡා කිරිමේදිය.

එහිදී ජනාධීපතිවරයා කියා සිටියේ “කොරෝනා වෛරසය අපේ පාලනය යටතේ තබා ගැනීමට රජයට හැකි වුණා. දැන් තිබෙන ලොකුම අභියෝගය කඩා වැටුණු ආර්ථිකය ගොඩගැනීම. ඇඟළුම් කර්මාන්තය යථා තත්වයට පත්වන්නට තව බොහෝ කාලයක් යාවි. සංචාරක ව්‍යාපාරයේත් සිදුව ඇත්තේ බරපතළ පසුබැස්මක්. අහිමි වූ ආදායම සහ රැකියා සංඛ්‍යාව ඉතා විශාලයි. පැරණි ආනයන ක්‍රමය තවදුරටත් ගෙන යන්න බැහැ. අප නිෂ්පාදන ආර්ථිකයක් වෙත යොමු විය යුතුයි. ඒ සඳහා සක්‍රීය ලෙස දායකවීමට බැංකු ක්ෂේත්‍රයට පිළිවන්”,

කොරෝනා උවදුර ජය ගැනීම සඳහා සෞඛ්‍ය අංශය ඇතුළු පාලන තන්ත්‍රයේ සෑම පාර්ශ්වයක්ම මහත් කැපවීමෙන් වැඩකළ බව කී ජනාධිපතිවරයා බැංකු ක්ෂේත්‍රයෙන්ද එවැනිම දායකත්වයක් අපේක්ෂා කරන බව පැවසීය.

දැන් ප්‍රමුඛතම අවශ්‍යතාව නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමයි. ඒ සඳහා ආයෝජනය කළ හැකි ක්ෂේත්‍ර රැසක් පවතී. තේ වගාව ඇතුළු වැවිලි කර්මාන්තය, කුඩා සහ මධ්‍ය පරිමාණ නිෂ්පාදන, නිවාස සහ වෙනත් ඉදිකිරීම් කෘෂිකර්මය ආශ්‍රිත නිෂ්පාදන වටිනාකම එකතු කළ කුරුඳු, ගම්මිරිස් වැනි බෝග වර්ග ඉන් කිහිපයකි. මේ ක්ෂේත්‍රවල ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා පහසු කොන්දේසි යටතේ ණය සපයන්නැයි ජනාධිපතිවරයා බැංකු ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය.

“වාහන සහ ප්ලාස්ටික භාණ්ඩ ආදිය ආනයනය සඳහා ණය දී පහසුවෙන් ලාභ උපයා ගැනීමේ රටාව තවදුරටත් පවත්වාගෙන යන්න බැහැ. වැඩිපුර ණය සම්පාදනය කළ යුත්තේ අලුතින් හඳුනාගත් ප්‍රමුඛතා සඳහා. එසේ නැතිව ජනතාවටත්, ව්‍යාපාරිකයන්ටත් පැවැත්මක් නැහැ. ගොවීන් වැඩි පොළියට වෙළෙඳුන්ගෙන් ණය ගත් විට ඔවුන් වෙළෙඳුන්ගේ ග්‍රහණයට සහ සූරාකෑමට ලක් වෙනවා. එය හැම අතින්ම හානිකරයි. මහ ව්‍යාපාරිකයින්ට සේම සුළු ව්‍යාපාරිකයන්ට සහ ගොවීන්ටත් බැංකු උදව් කළයුතුයි. ”. යනුවෙන් සඳහන් කළ ජනාධිපති රාජපක්ෂ මහතා ණය දුන් පසු ඉන් ප්‍රයෝජන ගන්නා ආකාරය නිරතුරුව විමර්ශනය කළයුතු බව පෙන්වා දුන්නේය.

 

දිලිනි සමන්මලි

Post Views: 11
Previous Post

විමල් කියූ ලිපි ලේඛන නිපැයුම්වල විෂබීජහරණය කිරීමේ තාපකය එළිදකී!

Next Post

ඡන්දේදී අලියට විතරක් සපොට් කරන්න – එජාප මහලේකම් කියයි

editor

editor

Next Post

ඡන්දේදී අලියට විතරක් සපොට් කරන්න - එජාප මහලේකම් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved