• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විමල් කියූ ලිපි ලේඛන නිපැයුම්වල විෂබීජහරණය කිරීමේ තාපකය එළිදකී!

15 May 2020
in දේශීය

ශ්‍රී ලාංකික නව නිර්මාණකරුවකු වන අරුණ එස්. සමරවික්‍රම මහතා ලිපි ලේඛන හා පත්‍රිකා ඇතුළු කඩදාසි නිපැයුම්වල විෂබීජහරණය කිරීමේ තාපකයක් නිර්මාණය කොට තිබේ.

මෙම තාපකයේ ඇති සුවිශේෂත්වය වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කොට ඇති පරිදි යම් ලිපි ලේඛන හෝ පත්‍රිකා ප්‍රමාණයක් සෙන්ටිග්‍රේඩ් අංශක 70ක උෂ්ණත්වයක් යටතේ විනාඩි 20ක කාලයක් රඳවා තබා ඒවායේ කොරෝනා වෛරසය ඇත්නම් විනාශ කර දැමීමේ හැකියාවෙන් යුක්ත වීම ය.

මෙම තාපකය ඇණවුම්කරුගේ අවශ්‍යතාව පරිදි ඕනෑම ධාරිතාවයකින් නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇති බව අරුණ සමරවික්‍රම මහතා පවසයි.

අද (14) දින මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් එම දෙපාර්තමේන්තුවේ ලිපි ලේඛනයන්හි විෂබීජහරණය සඳහා ඇණවුම් කළ මෙම තාපකය අදාළ නිලධාරීන්ට භාර දීමට සමරවික්‍රම මහතා කටයුතු කළ අතර එය මෙම තාපකය සඳහා ලැබුණු පළමු ඇණවුම බව ද ඔහු සදහන් කළේ ය.

පසුගියදා තමන් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා හමුවී එම අමාත්‍යාංශයේ පරිහරණය සඳහා ස්වයංක්‍රීය දෑත් පිරිසිදුකරණයක් පරිත්‍යාග කළ බවත් එම අවස්ථාවේදී අමාත්‍යවරයාට මෙම නව නිපැයුම පිළිබඳ කරුණු ඉදිරිපත් කළ බවත් එහිදී අමාත්‍යවරයාගෙන් ලැබුණු දිරි ගැන්වීම, මෙතරම් කෙටි කලකින් මෙම තාපකය නිපදවීම සඳහා බෙහෙවින් ඉවහල් වූ බවත් සමරවික්‍රම මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

එහිදී තමා අමාත්‍යවරයාට පැවසූ පරිදි මෙම තාපකය යොදාගෙන ඡන්ද පත්‍රිකාවන්හි විෂබීජහරණය කිරීමේ හැකියාව ඇති බවත් ඒ සඳහා සරිලන ලෙස මෙම තාපකය නියමිත ධාරිතාවක් අනුව නිර්මාණය කළ හැකි බවත් අරුණ සමරවික්‍රම මහතා වැඩිදුරටත් පැවසුවේය.

 

 

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

 

 

Post Views: 6
Previous Post

මම පුරවැසියෙකු විදිහට සතුටු වෙනවා – CID එලියට ආ මංගල කියයි

Next Post

සාම්ප්‍රදායික චීන්තයෙන් බැහැර වී ආර්ථික පුනරුදයට දායක වෙන්න – ජනපති බැංකු ක්ෂේත්‍රයෙන් ඉල්ලයි

editor

editor

Next Post

සාම්ප්‍රදායික චීන්තයෙන් බැහැර වී ආර්ථික පුනරුදයට දායක වෙන්න - ජනපති බැංකු ක්ෂේත්‍රයෙන් ඉල්ලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved