27 April 2024
#දේශීය

ප්‍රගීත් ගැන ජනපති දැන් කතා නෑ – සන්ධ්‍යා

 මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව බලයට පැමිණෙන විට මැතිවරණ වේදිකාවලදී විවිධ ප්‍රකාශ සිදු කළ ද මේ වන තෙක් තමා සමඟ ඒ පිළිබඳ කිසිදු කතාවක් නොමැති බව සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය පවසයි.

ඇය ttvnews.lk  අප වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් කියා සිටියේ තමා ජනාධිපතිවරයා වෙත 2017 වසරේදී හමු වීමට අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියද මෙතෙක් එයට පිළිතුරක් නොලැබුණු බවයි.

ඇය කියා සිටින්නේ ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සම්බන්ධයෙන් සිදු කරන පරික්ෂණ සම්බන්ධයෙන් කිසිදු සොයා බැලීමක් සිදු නොකරනු ඇති බවයි.

මේ වන විට අධිකරණයේ විභාග වන නඩුව සම්බන්ධයෙන් පවා හමුදාව විසින් ලබා දිය යුතු තොරතුරු හරියාකාරය ලබා දෙනවානම් මෙම අපරාධයට අදාළ වැරදිකරුවන් නිවැරදිව සොයා ගැනීමේ හැකියාවක් ඇති බව ද ඇය කියා සිටියේය.

තොරතුරු ලබා දීමේදී ඇතිව තිබෙන ප්‍රමාදයන් මෙම නඩුව තව තවත් ප්‍රමාදයට හේතු වී ඇති බව එක්නැලිගොඩ මහත්මිය අප වෙත කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *