27 April 2024
#දේශීය

ජනපති හෙට දකුණට යයි.. “ගම සමග පිළිසඳර” ගලගොඩදී

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දකුණු පළාතේ “ප්‍රථම ගම සමග පිළිසඳර” වැඩසටහන ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ දී හෙට (13) පැවැත් වේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ හෙට උදේ 10.00ට ඇරඹෙන ගැමි හමුව සඳහා ගලගොඩ, නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ ජනපද කණිටු විදුහල තෝරාගෙන තිබෙන බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරු ප්‍රමුඛ මහජන නියෝජිතයෝ, අමාත්‍යාංශ ලේකම්වරු, විවිධ ආයතන ප්‍රධානීහූ සහ නිලධාරීහූ ඊට සහභාගී වෙති.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *