• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අල්ටයර් නේවාසික සහ වාණිජ ගොඩනැගිල්ල ජනපති නිරීක්ෂණයට

1 September 2020
in දේශීය

බේරේ වැව ඉදිරිපිට ඉදිකෙරමින් පවතින අල්ටයර් (Altair) නේවාසික සහ වාණිජ ගොඩනැගිල්ල ඊයේ (31) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් වු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

වැඩ අවසන්වු විට කොළඹ පිහිටි උසම ගොඩනැගිලි අතරට අල්ටයර් ගොඩනැගිල්ලත් එක් වෙයි. බේරේ වැවට යාබද අක්කර දෙක හමාරක භූමි ප්‍රදේශයක ඉදි කෙරෙන ගොඩනැගිල්ලේ වැඩ 2012 වසරේ දී ඇරඹිණ.

එහි බිම් මහල වර්ග අඩි 40,000කි. අධි සුඛෝපබෝගී නිවාස 404කින් සහ ඉහළ ප්‍රමිතියේ සාප්පු සංකීර්ණයක් ඊට අයත්ය. කුළුණු දෙකකින් යුත් අල්ටයර් සංකීර්ණයෙහි එකක් මහල් 68 කින් සහ අනෙක මහල් 63කින් සමන්විත වේ.

ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි ව්‍යාපෘතියට කර ඇති ආයෝජනය අමරිකානු අඩොලර් මිලියන 250කි. නාගරික සංවර්ධන අධිකාරිය ඉදිකිරීම් අධීක්ෂණය කරයි.

ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් 98%ක් පමණ දැනට අවසන්ව තිබේ. ඉතිරි වැඩ ලබන ජනවාරී වන විට නිමවනු ඇතැයි ජනාධිපතිවරයා අපේක්ෂා කරයි.

මෙවැනි ඉදිකිරීම් සංචාරක ආකර්ශණයට හේතු වන බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන් ද සිල්වා, ව්‍යාපෘති භාර අධ්‍යක්ෂ ප්‍රදීප් මොරායස් යන මහත්වරු නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටියහ.

 

Post Views: 19
Previous Post

ආපස්සට යන්නේ නැහැ ගත්ත තීරණ ස්ථිරවම ක්‍රියාත්මක කරන බව ජනපති කියයි

Next Post

කට පාඩම් කර ගැනීමට සීමා නොවු ප්‍රායෝගික අභියෝග ජයගැනීමේ ක්‍රමයක් සකස් කරනවා – අධ්‍යාපන ඇමැති

editor

editor

Next Post

කට පාඩම් කර ගැනීමට සීමා නොවු ප්‍රායෝගික අභියෝග ජයගැනීමේ ක්‍රමයක් සකස් කරනවා - අධ්‍යාපන ඇමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved