27 April 2024
#දේශීය

රෝගී ප්‍රතිකාර වෙනුවෙන් සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අවශ්‍යයි – ඇමැති පවිත්‍රා

සියළුම සෞඛ්‍ය කාර්ය මණ්ඩල එන්නත් කොට තිබෙන අතරම රෝගී ප්‍රතිකාර සේවාවන් සදහා සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල අවශ්‍ය වන බව සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම හා තාක්ෂණික දායකත්වයෙන් මුල්ලේරියාව මුලික රෝහලේ ඉදිකරනු ලැබූ විශේෂ කොවිඩ් ප්‍රතිකාර ඒකකය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත නිල වශයෙන් බාරදීමේ අවස්ථාවට අද දින (03) එක්වෙමිනි.

මෙම අවස්ථාව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශණ පතිරණ මහතා සහභාගීත්වයෙන් සිදු කෙරිනි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම මත ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් පරිදි නව වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු මාස 03 ක් වැනි ඉතා කෙටි කාලයක් තුල ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂකය මගින් සිදු කරනු ලැබුනි. මෙහි වාට්ටු 05 ක් සහ රෝගී ඇදන් 160 ක් වේ.

කාන්තා හා පිරිමි ප්‍රතිකාර ඒකක 02 ක් සහ අසාධ්‍ය රෝගී මුලික ප්‍රතිකාර ඒකකයකින් ද යුක්තය. ඉදිකිරීම් සදහා ඇස්තමේන්තු ගත වියදම රුපියල් මිලියන 200 කට ආසන්න වූ අතර, ගුවන් හමුදාවේ තාක්ෂණික හා ශ්‍රම දායකත්වය මත මෙම ව්‍යාපෘතිය රුපියල් මිලියන 35 ක පමණ වූ වියදමකින් සම්පූර්ණ කිරිමට හැකියාව ලැබී ඇත.

මේ සදහා මූල්‍ය පහසුකම් ලෝක බැංකු ව්‍යාපෘතිය යටතේ කොවිඩ් 19 ප්‍රතිචාර දැක්වීමේ හා රෝහල් පද්ධති පෙර සූදානම් කිරීම ව්‍යාපෘතිය මගින් සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී ඇත.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, මුල්ලේරියාව මුලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා, ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු සේවා අධ්‍යක්ෂතුමන් ඇතුලු ගුවන්හමුදා නිලධාරීන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පිරිසක් එක්ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *