• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ දෙවන පර්යන්තයේ ඉදිකිරිම් 2023ට පෙර නිම කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

1 October 2020
in සංවර්ධන

බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් 2023 අවසන් වීමට පෙර නිම කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

2014 වසරේ ආරම්භ කළ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් 2017 දී අවසන් කිරීමට සැලසුම් කර තිබිණ. ඉදිකිරීම් සිදු නොවීම නිසා සැලසුමේ බොහෝ අංග වර්තමානයට නොගැළපෙන බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති.

2023 වසරට ගැළපෙන අයුරින් සියලු තාක්ෂණික පහසුකම් සහිතව සුහුරු ගුවන් පර්යන්තයක් ( Smart Terminal) ලෙස එහි සංවර්ධන කළ යුතු බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

කොවිඩ් වසංගතයත් සමග අන්තර්ජාතික ගුවන් ගමන් අඩාලවීමෙන් ගුවන් තොටුපොළ සහ ගුවන් සේවාවන්ට බලපෑ අහිතකර තත්ත්වය හමුවේ ඉදිරියට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.

ගුවන් තොටුපොළ කාර්යයන් අඩපණව තිබීම ප්‍රයෝජනයට ගෙන දිවා රාත්‍රී වැඩකර ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන්නැයි රාජපක්ෂ මහතා උපදෙස් දුන්නේය.

දෙවන පර්යන්තයේ ඉදිකිරීම් අවසන් වීමත් සමග වසරකට ගුවන් මගීන් මිලියන 15කට අධික සංඛ්‍යාවකට සේවා සහ මෙහෙයුම් පහසුකම් සැපයේ. පිටවීමේ සහ පැමිණීමේ පර්යන්ත අංශ දෙකක් ලෙස ක්‍රියාත්මකවීම ද ඒ සමගම ඇරඹේ. ඊ-ගේට් පහසුකම් ඔස්සේ මගීන්ට කාර්යක්ෂම සේවාවක් සැලසීමට ද සැලසුම් කර තිබේ.

ඊට සමගාමීව වාහන නැවතුම් අංගනයද ගුවන් තොටුපොළට යාබද භූමියක ඉදි කෙරේ. මත්තල ගුවන් තොටුපොළ ජනවාරි සිට මේ දක්වා ගුවන් මෙහෙයුම් 270ක් සිදු කර ඇති අතර ඉන් සේවාව ලැබූ මගීන් සංඛ්‍යාව දොළොස්දහසකට අධිකය. ඉදිරියේ දී ශ්‍රී ලංකන් ගුවන් සේවය මත්තල ගුවන් තොටුපොළේ සිට සතියකට ගුවන් වාර 07ක් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇති බව අනාවරණය කෙරිණ.

ගුවන් කාර්ය මණ්ඩලයට මත්තල ගුවන් තොටුපොළ අවට සියලු පහසුකම්වලින් යුත් හෝටල් පහසුකම් සැපයීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.

රත්මලාන ගුවන්තොටුපොළ නවීන තාක්ෂණික පහසුකම් සහිතව පුළුල් කිරීමට ද සැලසුම් කර තිබේ. මධ්‍යම පළාත කේන්ද්‍ර කරගනිමින් සඳතැන්න, සීතාඑළිය සහ දිගන අභ්‍යන්තර ගුවන් මෙහෙයුම් ප්‍රවර්ධනය කෙරෙහිද විශේෂ අවධානය යොමු කෙරිණ.

සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඒකාබද්ධව ගුවන් නියමුවන් පුහුණු කිරීම සඳහා පාසලක් ආරම්භ කිරීමට සැලසුම් කරන්නැයි ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබීය. එහි විදෙස් සිසුන්ට ද අවස්ථාව දිය හැකි බව එතුමා පෙන්වා දුන්නේය. දිවයින පුරා පිහිටි ආයෝජන කලාපවල වත්මන් තත්ත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳව විමර්ශනය කෙරුණු අතර නව ආයෝජන අවස්ථා හඳුනාගනිමින් විදෙස් ආයෝජකයන් ආකර්ශණය කරගත යුතුව ඇතැයි ජනාධිපතිතුමා පැවසීය.

ආයෝජන මණ්ඩලයට මේ වන විට ලැබී ඇති ආයෝජන අවස්ථා කඩිනමින් ක්‍රියාවට නංවන්නැයි බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් දුන්නේය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු, කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු සහ රේඛීය ආයතනවල නිලධාරීහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

Post Views: 13
Previous Post

දෙවැනි පාසල් වාර නිවාඩුව ඔක්තෝබර් 09 සිකුරාදා සිට

Next Post

ඒ දඬු, වැල් පාලම් හා කුඩා පාලම් වෙනුවට ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය ඇරඹේ

editor

editor

Next Post

ඒ දඬු, වැල් පාලම් හා කුඩා පාලම් වෙනුවට ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved