• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉන්ධන තොග සැලසුම් සහගතව බෙදාහරින්න ජනපතිගෙන් උපදෙස්

17 June 2022
in දේශීය

දැනට ලැබී ඇති සහ ඉදිරි දින කිහිපය තුළ ලැබීමට නියමිත ඉන්ධන තොග ක්‍රමවත්ව දිවයින පුරා ඉන්ධන හල් වෙත බෙදාහැරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දෙයි.

මුදල් අමාත්‍යාංශය හා මහ බැංකුව එක්ව රාජ්‍ය සහ පෞද්ගලික බැංකු දායක කරගෙන ප්‍රමාණවත් ඉන්ධන තොග ඇණවුම් කිරීමට පහසුකම් සපයමින් ණයවර ලිපි නිකුත් කිරීම සඳහා සැලසුම් සකස් කළ යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පෙට්‍රල්, ඩීසල්, ගෑස් බෙදාහැරීම සහ ආනයනය සම්බන්ධයෙන් අද (17) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති විශේෂ සාකච්ඡාවේ දීය.

සැපයුම්කරුවන් සමග දීර්ඝකාලීනව ඉන්ධන ලබාගැනීම සඳහා ගිවිසුම්ගත වීමට ඇති හැකියාව කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරිණ.

ඉන්ධන බෙදාහැරීමේ දී පොදු ප්‍රවාහනය සඳහා ප්‍රමුඛතාව හිමි වේ. ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පිරවුම් හල් යොදාගනිමින් පෞද්ගලික හා සංචාරක බස්රථ සහ පාසල් වෑන් රථවලට පොලිසියේ අධීක්ෂණය යටතේ ඉන්ධන නිකුත් කිරීමට කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා පැවසීය.

අනිකුත් අත්‍යාවශ්‍ය සේවා සඳහා හඳුනාගත් ඉන්ධන පිරවුම් හල් වෙතින් ඉන්ධන අඛණ්ඩව නිකුත් කිරීමටත් පිරවුම් හල් වෙත යුද හමුදාවේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව සැපයීමටත් තීරණය කෙරිණ. අනවශ්‍ය ලෙස ඉන්ධන තොග රැස්කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද ආරක්ෂක අංශවලට නියෝග කරනු ලැබීය.

පවතින ගෑස් තොග ක්‍රමානුකූලව බෙදාහැරීමටත් ප්‍රමාණවත් ගෑස් තොග කඩිනමින් ඇණවුම් කිරීම පිළිබඳවත් සාකච්ඡාවට ලක් විය.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක, මුදල් ලේකම් මහින්ද සිරිවර්ධන, විදුලි හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ, මහජන ආරක්ෂක ලේකම් එස්. හෙට්ටිආරච්චි, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න යන මහත්වරු, ආරක්ෂක, ඉන්ධන, විදුලිබල සහ ගෑස් පිළිබඳ ආයතනවල ප්‍රධානිහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

Post Views: 6
Previous Post

පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට පූර්ණ සහාය දෙනවා – ද.කොරියානු තානාපති කියයි

Next Post

ප‍්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ගුරුභවතුන්ට පහසු පාසල් වෙත තාවකාලිකව අනුයුක්ත කරයි

editor

editor

Next Post

ප‍්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ගුරුභවතුන්ට පහසු පාසල් වෙත තාවකාලිකව අනුයුක්ත කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved