• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අපේ රටේ වැඩ කරන ජනතාවට ජය පතමින් ජනපති මැයි දින පණිවිඩය නිකුත් කරයි

1 May 2021
in දේශීය

කොවිඩි වසංගතය හේතුවෙන් අනපේක්ෂිත ලෙස දෙවන වසරටත් අඛණ්ඩව මැයි දින සැමරුම් හා පෙළපාලි කම්කරු ජනතාවට අහිමිව තිබෙන අවස්ථාවකදී ඔබගේ අධිෂ්ඨානය, කැපවීම හා අරගලය ශක්තිමත්භාවයට සුභ පතන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා විසින් නිකුත් කල මැයි දින පණිවිඩය සම්පුර්ණයෙන් මෙසේය.

මැයි දින පණිවිඩය

අප රජය මහජනතාවට පොරොන්දු වූ ආකාරයට ජාතික ආරක්ෂාවත්, ස්වෛරීත්වයත් තහවුරු කර ඇත. එසේම අපේ උරුමයන්ට සහ දේශීයත්වයට කිසිම හානියක් නොවන පරිද්දෙන් ක්‍රියාමාර්ග ගෙන ඇත. දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය කෙරෙන අතරම, කෘෂි ආර්ථිකයද ඉහළ නැංවීමට අවශ්‍ය ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග ගනිමින් පවතී. බොහෝ කම්කරු ප්‍රජාවන් දැඩි පීඩාවට පත් කරන දුප්පත්කම අප සමාජයෙන් තුරන් කරලීමට පැහැදිලි ආර්ථික සැලැස්මක් සකස් කොට ක්‍රමවත්ව ක්‍රියාත්මක කරමින් පවතී.

වර්තමානයේ පවතින කොවිඩි 19 වසංගතයෙන් ලොව වඩාත් අභියෝගයට ලක්වන කණ්ඩායම කම්කරු‍ ප්‍රජාවය. අපේ රටේ වැඩ කරන ජනතාවට ද මුහුණදීමට සිදුවන ඒ යථාර්ථය ආණ්ඩුව නිවැරදිව අවබෝධ කර ගෙන සිටී. එබැවින්, වැඩ කරන ජනතාවගේ ජන ජීවිතය අඩාල වන සීමා පැනවීම නොකොට ඔවුන්ගේ ජීවිත යථාවත්ව ගෙන යාමට රජය නිරතුරුවම කටයුතු කරයි.

අධ්‍යාපන සුදුසුකම් නොමැතිකම නිසා අසහනයට පත්ව සිටි ශ්‍රමිකයන් ලක්ෂයකට රාජ්‍ය සේවයේ රැකියා අවස්ථා උදා කිරීමෙන් ඉහළම වරප්‍රසාදය හිමිවූයේ වැඩ කරන ජනතාවට සහ ඔවුන්ගේ පවුල්වලටය. කොවිඩි වසංගතයෙන් අඩපණ වූ ජන ජීවිතය ගොඩනැගීමට රුපියල් පන්දහසේ දීමනාව දුන් රජය වැඩ කරන ජනතාවගේ ජීවන අරගලයට සහාය විය.

අලුත් අවුරුදු උත්සව සමයේ ද රුපියල් පන්දහසක දීමනාව ජනතාව අතට පත් කිරීමට රජය කැප විය. කොවිඩි වසංගතය හමුවේ රාජ්‍ය සේවකයාගේ කිසිදු වේතනයක් කප්පාදු නොකිරීම සේම රාජ්‍ය සුභසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක සියලු වැඩසටහන් අඛණ්ඩව පවත්වා ගෙන යමින් කටයුතු කිරීමෙන් ආරක්ෂා වූයේ වැඩ කරන ජනතාවගේ අයිතියයි. එසේම වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා ඉහළ දැමීමට රජය පියවර ගැනීමෙන් එම කණ්ඩායමේ ද ජීවන තත්ත්වය ඉහළ නැංවීමට රජය කටයුතු කෙළේය.

ආනයනික භාණ්ඩ දහනවයක සීමා පැනවීමෙන් ශක්තිමත් වන දේශීය ආර්ථිකයේ ප්‍රතිලාභ වැඩිපුර හිමිවන්නේ අපේ රටේ ගොවි ජනතාව ප්‍රමුඛ වැඩකරන ජනතාවටය. උත්සව සමයේ ගොවි අස්වැන්න විකුණා ගැනීමට වූ බාධා ඉවත් කිරීමෙන් ඔබ ශක්තිමත් වූ බව අපි දනිමු. “ගම සමග පිළිසඳර” වැඩසටහන සේම “වැඩ සමග යළි ගමට” ව්‍යාපෘති රටේ වැඩ කරන ජනතාවගේ ජන ජීවිතය හා ඍජුව බද්ධ වී තිබේ.

කොවිඩි වසංගතය හේතුවෙන් අනපේක්ෂිත ලෙස දෙවන වසරටත් අඛණ්ඩව මැයි දින සැමරුම් හා පෙළපාලි කම්කරු ජනතාවට අහිමිව තිබේ. එසේ වුවද ඔබගේ අධිෂ්ඨානය, කැපවීම හා අරගලය ශක්තිමත් බව අපි දනිමු. ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් වෙනුවෙන් වූ වැඩපිළිවෙල සමග අත්වැල් බැඳගන්නා ඔබට, ජාත්‍යන්තර කම්කරු අයිතීන් සුරක්ෂිත කළ, අර්ථවත් කළ සතුට සමගින් ජාත්‍යන්තර කම්කරු දිනයට මම සුබ පතමි.

අපේ රටේ වැඩ කරන ජනතාවට ජය පතමි.

 

ගෝඨාභය රාජපක්ෂ
2021 අප්‍රේල් මස 30 වන දින

Post Views: 6
Previous Post

රටේ ආර්ථිකය ගොඩනගන කොලඹ වරාය නගරය

Next Post

මෙරට කොරෝනා එන්නත් වැඩපිළිවෙලට ජපන් රජයෙන් පරිත්‍යාගයක්

editor

editor

Next Post

මෙරට කොරෝනා එන්නත් වැඩපිළිවෙලට ජපන් රජයෙන් පරිත්‍යාගයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved