27 April 2024
#දේශීය

ලෝ වැසි ජනතාවට සෙත් පතා රුවන්වැලි මහා සෑ පුදබිමේ ආගමික වතාවත්වලට ජනපති එක්වෙයි

රටවැසි සහ ලෝ වැසි ජනතාවට සෙත් පතා ඊයේ (13) පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි මහා සෑ පුදබිමේ ආගමික වතාවත්හි නිරත වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්විය.

රුවන්වැලි මහා සෑ පුදබිමට පැමිණි ජනාධිපතිතුමා රුවන්වැලි රජමහා විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

රුවන්වැලි මහා සෑ රදුන් වෙත කළ කප්රුක් පූජාවට සහ අෂ්ඨඵල චතුමධුර පූජාවට එක් වූ ජනාධිපතිවරයා ආගමික වතාවත්හි නිරත වෙමින් රටටත්, ජනතාවටත් සෙත් පැතීය. සෑ රදුන් අභියස විශේෂ සෙත් පිරිත් සඡ්ඣායනවක් ද සිදු කෙරිණ. සෑ රදුන් උදෙසා කළ ආලෝක පූජාව පැවැත්වීම ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

රුවන්වැලි රජමහා විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියෝ අනුශාසනාවක් කරමින් කොවිඩ් මර්දනයට සහභාගී වන සෞඛ්‍ය, ආරක්ෂක ඇතුළු ක්ෂේත්‍රවල නිරත පිරිසට ආශිර්වාද කළහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *