• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පොතපතට දරුවන් නැඹුරු කරමින්, ලෝක ළමා දින සැමරුමට ජනපති එක් වෙයි

1 October 2020
in දේශීය

දිස්ත්‍රික්ක 05ක පාසල් සඳහා පුස්තකාල පරිත්‍යාග කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලෝක ළමා දිනය සැමරීමට එක් වෙයි.

සෑම පාසලකටම පුස්තකාල සහ ක්‍රීඩා පහසුකම් දීමෙන් දරුවාගේ මානසික සහ ශාරිරික නිරෝගීකම රැකගත හැකි බව තමා පසුගිය දිනවල දිවයින පුරා කළ චාරිකාවලදී වඩාත් පැහැදිළිවිනැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඉතා දුෂ්කර ප්‍රදේශ රැසක දරුවන්ගේ ඉල්ලීම පරිදි ක්‍රීඩා පිටි රැසක් සංවර්ධනය කෙරෙමින් පවතී. දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කෙරෙන පරිදි තෝරාගත් පාසල් 25ක් සඳහා පුස්තකාල පහසුකම්දීම ආරම්භ කෙරිණ.

“ලෝක ළමා දිනය” සැමරෙන ඔක්තෝම්බර් 01 වනදායින් “කියවිමේ මාසය” ද ඇරඹේ. අනාගත පරපුර පොත පතට නැඹුරු කරවීම ලෝක ළමා දිනයට සමගාමීව අරඹමින් අද (01) පෙරවරුවේ පාසල් 05ක දරුවන් ජනාධිපති කාර්යාලයට කැඳවූ ජනාධිපතිවරයා පුස්තකාල පරිත්‍යාග කළේය.

පුත්තලම, ලුණුවිල අනුරුද්ධ මධ්‍ය මහා විද්‍යාලය, ගම්පොළ, දොළොස්භාගේ කණිෂ්ඨ විද්‍යාලය, තර්මපුරම් රජයේ දෙමළ මිශ්‍ර පාසල, කුරුවිට විජය කුමාරතුංග විද්‍යාලය සහ ගාල්ල, පිලාන විද්‍යාර්ථෝදය මහා විද්‍යාලය සඳහා සංකේතාත්මකව පුස්තකාල පරිත්‍යාග කෙරිණ.

ධාවනයෙන් ඉවත් කළ පැරණි බස් රථ අලුත්වැඩියා කර දරුවන්ගේ සිත් ගන්නා පරිදි පුස්තකාල සකස් කර තිබේ. අංගසම්පූර්ණ එක් පුස්තකාලයක් සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියනයකට ආසන්න වේ.

මොබිටෙල් ආයතනය ඊ-පුස්තකාල පහසුකම් සපයා තිබෙන අතර ඒ ඔස්සේ සිසුන්ට තොරතුරු අධ්‍යයනය කිරීමේ සහ ඊ-ග්‍රන්ථ පරිශීලනය කිරීමේ හැකියාව ලැබේ.

ලංකා ගමනා ගමන මණ්ඩලය, ශ්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල්, මනුසත් දෙරණ සහ ජාතික පුස්තකාල ප්‍රලේඛන මණ්ඩලය පුස්තකාල ව්‍යාපෘතියට අනුග්‍රහකත්වය සපයයි.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී ප්‍රකාශකයන් විසින් පරිත්‍යාග කරන ලද ග්‍රන්ථ ද පුස්තකාල වෙත භාර දෙනු ලැබිණ.

දරුවන් සමග පොත පත පිළිබඳ තොරතුරු සාකච්ඡා කරමින් කථා බහක නිරත වූ ජනාධිපතිතුමා ජනාධිපති කාර්යාලය නැරඹීමට ද ඔවුන්ට ආරාධනා කළේය.

 

Post Views: 17
Previous Post

ඒ දඬු, වැල් පාලම් හා කුඩා පාලම් වෙනුවට ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය ඇරඹේ

Next Post

වාලම්පුරි දෙකක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට

editor

editor

Next Post

වාලම්පුරි දෙකක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved