• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කණුගහවැව ආදර්ශ ගම්මානය ජනපති අතින් ජනතා අයිතියට

5 April 2021
in දේශීය

කැබිතිගොල්ලෑව “ගම සමඟ පිළිසඳර” වැඩසටහනේදී ජනතාවගෙන් ඉදිරිපත් වූ දුක් ගැනවිලිවලට සවන් දීමෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම අනුව ගුවන් හමුදාව ඉදිකළ “කණුගහවැව ආදර්ශ ගම්මානය” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් ඊයේ (04) දහවල් ජනතා අයිතියට පත් කෙරිණ.

පසුගිය දෙසැම්බර් මස 30 වන දින පැවැති “ගම සමඟ පිළිසඳර” සිව්වන වැඩසටහන සඳහා කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ කණුගහවැව ගම්මානය තෝරාගෙන තිබිණි. කැබිතිගොල්ලෑව, එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ භීෂණයට නිතර ගොදුරු වූ ප්‍රදේශයකි. 2006 ජුනි මස 15 වන දින හල්මිල්ලවැටිය ග්‍රාමයේදී, කැබිතිගොල්ලෑව බස් රථය කොටි ත්‍රස්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරයට ලක්වීමෙන් කණුගහවැව සහ අවට ගම්වල 68 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

1995 සිට 1998 දක්වාත්, 2006 සිට 2008 දක්වාත් මේ ගම්මානවල වැසියන්ට ත්‍රස්තවාදී භීෂණය නිසා කඳවුරුගතව ජීවත්වීමට සිදුවිය. එකී උවදුර අවසන් වුවද ඔවුහු බරපතළ ආර්ථික, සමාජයීය ප්‍රශ්න රැසකට මුහුණ පා සිටියහ. ඔවුනගේ ඉඩම් ගැටළු විසඳීම, වැව් ඇළ වේලි පිළිසකර කිරීම, ප්‍රධාන සහ අතුරු මාර්ග සංවර්ධනය, සෞඛ්‍ය, අධ්‍යාපන හා ප්‍රවාහන ඇතුළු ගැටලු වලට කඩිනම් විසඳුම් දෙන ලෙස ජනාධිපතිවරයා එදින නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් කණුගහවැව ග්‍රාමයේ නිවාස ඇතුළු අවශ්‍යතා සංවර්ධනය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් බාරගන්නා ලදී. අවශ්‍යතා හඳුනාගෙන සැලසුම් ඉදිරිපත් කිරීමේ වගකීම ගමේ විහාරාධිපති හිමියනට, ප්‍රාදේශීය ලේකම්වරයාට, ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට සහ ග්‍රාම නිලධාරීවරයාට ජනාධිපතිවරයා විසින් පවරනු ලැබීය.

අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන, රාජ්‍ය අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, ශෙහාන් සේමසිංහ, චන්න ජයසුමන, පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රීවරුන් වන කේ.එච්. නන්දසේන, කේ.පී.එස් කුමාරසිරි, උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් යන මහත්වරු ගුවන් හමුදා නිලධාරිහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 19
Previous Post

කොළඹ ලොව පළමු රැම්සාර් තෙත්බිම් නගරය ලෙස සංවර්ධනය කිරීමට ජනපතිගේ දායකත්වය අගය කළ යුතුයි – පරිසර ඇමැති

Next Post

කම්කරු ශ්‍රමිකයන් වෙනුවට කුසලතාපූර්ණ ශ්‍රමිකයන් විදෙස්ගත කිරීම කල යුතුයි – ඇමැති නාමල්

editor

editor

Next Post

කම්කරු ශ්‍රමිකයන් වෙනුවට කුසලතාපූර්ණ ශ්‍රමිකයන් විදෙස්ගත කිරීම කල යුතුයි - ඇමැති නාමල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved